විදුලිය කපන්න වී ඇත්තේ පෙර කල අකුසල කර්මයක් නිසා..- රවි

March 26, 2019 at 6:48 pm | lanka C news
විදුලිය කපන්න වී ඇත්තේ පෙර කල අකුසල කර්මයක් නිසා..- රවි

රට පුරා විදුලි කප්පාදුවක් කිරීමට සිදුව ඇත්තේ පෙර කර ඇති පාප කර්මයක් නිසා බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමති රවි කරුණානායක මහතා සදහන් කරයි.

පසුගිය වසර 05ක කාලයේදී විදුලි ජනනය ඉහල දැමීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක නොකරීම නිසා මෙම තත්වය උදා වී ඇති බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් අලුත් අවුරුද්දට පෙර මෙම විදුලි කප්පාදුව තවත්වන බවත් කී ඔහු තවත් දින 10ක පමණ කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇතැයිද කියා සිටී.

272 views
Main News