විදුලිය කපන ලොක්කාගේ හෝටලයේ හිග විදුලි බිල ලක්‍ෂ 21 පනී…

April 7, 2022 at 6:20 pm | lanka C news
විදුලිය කපන ලොක්කාගේ හෝටලයේ හිග විදුලි බිල ලක්‍ෂ 21 පනී…

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට අයත් හෝටලයක රුපියල් ලක්ෂ 21 ඉක්මවූ හිඟ විදුලි බිල ගෙවා නැති බව ලංකා විදුලිබල මණ්ඩලය ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම හෝටලය කොළඹ 7 ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටා ඇති එකකි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනක රත්නායක සභාපතිවරයා කියා සිටියේ හෝටල් කර්මාන්තය ලබාදී තිබෙන සහන කාලය මත මෙම හිග මුදල එකතු වී ඇති බවයි.

සහන කාලය පදනම් කර ගනිමින් සාමාන්‍ය පරිදි විදුලි බිල ගෙවීම සිදු කරමින් සිටින බවද සභාපතිවරයා පැවසීය.

56,842 views

15 Comments to “විදුලිය කපන ලොක්කාගේ හෝටලයේ හිග විදුලි බිල ලක්‍ෂ 21 පනී…”

  1. නොගෙවිවට මේ උතූමා මොනව කොරන්නද? සංචාරකයො ආයෙ නෑනේ බං. says:

    උපයෝගිතා කොමිසමේ සභාපති ගෙ හෝටලයක විදූලිබිල නොගෙවිවට මේ උතූමා මොනව කොරන්නද? සංචාරකයො ආයෙ නෑනේ බං.

  2. වහල්ලු says:

    විදුලි බල මණ්ඩලය කියන්නෙ බොරු. රටේ අනෙක් ජාතීන්ගේ හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මේ. ‘මෙන්න මෙහෙම තමා බයියො මේවල කමෙන්ට් දාන්නෙ. ත්‍රස්තයන් ඉන්නෙ දේශ මාමකයන් වෙසින් ගොටු අල්ලමින් සහ තම වාසිය සොයමින් බව දන්නෝ දනිති.

  3. Sunshine says:

    විබම තමයි වැරදි . සහන දුන්න නිසානෙ ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ උත්තමයා මක් කරන්නද?
    ඒකට අපිට. ලයිටුත් නැහැ..සහනත් නැහැ.

  4. Senani says:

    මිහින් ලංකා එක පෙට්‍රෝලියම් එකට ගෙවන්න තිබුන පොලු තිබ්බ මිලියන් 2500 බැලුවම මේක අලගු තියන්නවත් බැ හ

  5. W.B.Samarakoon says:

    ජනක රත්නායක ගේ හෝටලයත්,නො.260.ස්ථාන යේ ඇති යෝශිතගේ සාප්පු ව හා රාජපක්ශගේ ගෙවල් නිසා ලයිට් කපන්නෙම නැත. මේවා දූෂණ නොවේද ?….

Main News