විදුලිය කප්පාදු කල යුතුයි.. නැතොත් මුළු රටම අදුරට යාවි.. ප‍්‍රවාහනය නැවතී අරාජික වේවි..- ගම්මන්පිල

January 19, 2022 at 10:02 pm | lanka C news
විදුලිය කප්පාදු කල යුතුයි.. නැතොත් මුළු රටම අදුරට යාවි.. ප‍්‍රවාහනය නැවතී අරාජික වේවි..- ගම්මන්පිල

ජනවාරි මස අග දක්වා ඉන්ධන අවශ්‍යතාවයක් නැතැයි මුලින් කියූ විදුලිබල මණ්ඩලය ජනවාරි 13 දා සිට තමන්ට දිනකට ඩීසල් ටොන් 1,500 බැගින් අවශ්‍ය යැයි ජනවාරි 11දා ඉල්ලා සිටියත් එවැනි හදිසි ඉන්ධන ලබාදීමක් සිදු කිරීම සදහා අවශ්‍ය ඩීසල් තොග තෙල් සංස්ථාව සතුව නොපැවතිය බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව සදහන්කර සිටියේ (19) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

තෙල් සංස්ථාව තෙල් නොදෙන නිසා විදුලිය කපා දැමීමට සිදුවන බවට විදුලිබල මණ්ඩලය චෝදනා මුඛයෙන් පැවසුවා. 60% ට වැඩි ප්‍රමාණයක් දෙසැම්බර් මාසය වන තුරුම විදුලිය නිපදවූයේ ජල විදුලියෙන්. එය 38% දක්වා පහත වැටීමෙන් ඇතිවූ අර්බූදය. ඒ අය අපෙන් තෙල් ඉල්ලීමක් කලේ ජනවාරි මාසයේ 11 වෙනිදා ජනවාරි මාසයේ 13 වෙනිදා සිට තෙල් ලබාදෙන්න කියලා. මීට කලින් ඒ අය දැනුම් දීල තිබුනේ ජනවාරි මාසය අග වන තුරු ඒ අයට තෙල් අවශ්‍ය නෑ කියලයි. අපි ගාව තොග තිබුනෙත් නෑ. තොගවල හිර කරන්න තරම් අපි ගාව විදේශ විනිමය නෑ. විදේශ විනිමය අතිශයින්ම සීමිතයි. ඇත්තෙන්ම අපි තෙල් දෙන්නේ නෑ නොවේ දෙන්න තෙල් නෑ. ජනවාරි 13දා සිට තමන්ට දවසකට ඩීසල් ටොන් 1,500 බැගින් අවශ්‍ය යැයි කියලා විදුලි බල මණ්ඩලය අපට කිව්වේ ජනවාරි 11දා. අපට ඉල්ලපු ගමන් ඩීසල් දෙන්න ඩීසල් ලිඳක් නෑ. ඩීසල් තොග ඇත්තෙත් නෑ. ආනයනය කරගන්න ඇති පදමට විදේශ විනිමය ඇත්තේ නැහැ.

ප්‍රවාහනයට තිබෙන ඩීසල් තොග විදුලි නිෂ්පාදනයට දුන්නොත් ප්‍රවාහනය ඇන හිටී රටම අකර්මන්‍ය වෙනවා. ඒ තත්ත්වය පැය කීපයකට විදුලිය කැපීමට වඩා භයානකයි. මොහොතකට හිතන්න රෝගියෙක් අසනිප උනහම රෝහලට ගෙනියන්න බැරි නම් වෛද්‍යවරයාට නිවසේ සිට රෝහලට යන්න බැරි නම් කලබලයක් ඇති වන තැනකට පොලිසියට යන්න බැරිනම් රට අරාජික වෙන්නෙ නැද්ද ? විදුලිබල මණ්ඩලයට විදුලි සැපයුම පාලනය කරන්නට පුළුවන්. පැය 24ම දෙනවා ද පැය 24ම කපනවා ද පැයක් කපනවා ද දෙකක් කපනවා ද වශයෙන් විදුලිය සැපයීම පාලනය කරන්න පුළුවන්. නමුත් ප්‍රවාහනයට ඉන්ධන සැපයීමේ දී අතරමැදි තත්ව නෑ. එක්කෝ ඉන්ධන ඇත. නැතිනම් ඉන්ධන නැත. එතැන පැයක් විදුලිය කපනවා වගේ අතරමැදි තත්වයක් නෑ. ඒ අනුව ප්‍රවාහනයට ඉන්ධන සැපයීම විදුලියට ඉන්ධන සැපයීමටම වඩා තීරණාත්මකයි. ඒ නිසා අපට හැමවෙලේම ප්‍රවාහනයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය ලබාදීම ද සිදු වෙනවා. ඒ නිසා තමයි ප්‍රවාහනයට තියෙන සීමිත තොග අපට ලබා දීමට හැකියාවක් නොමැති කියලා විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නේ.

ඩොලර් හිඟය නිසා මුහුද මැද දවස් 9ක් තිබුණු ඩීසල් තොගයකට මුදල් ගෙවන්න ඊයේ අපට පුළුවන් වුණා. අවශ්‍ය ඩොලර් සොයා ගන්න විදුලි බල ඇමතිතුමාත් මහන්සි වුණා. ඒ නිසා ගොඩ බාන ඩීසල් ටොන් 37,000න් ටොන් 10,000ක් විදුලි බල මණ්ඩලයට ලබා දෙන මෙන් මම ඛනිජතෙල් සංස්ථාවට උපදෙස් දුන්නා. ඒ ප්‍රමාණය දවස් අටකට ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව අපි දවසකට දැවිතෙල් ටොන් 2,200 බැගින් විදුලි බල මණ්ඩලයට දෙනවා. ඒ වගේම අත්සන් කර තිබෙන ගිවිසුමක් අනුව දවසකට ඩීසල් ටොන් 700 බැගින් ෆුජිට්සු පෞද්ගලික විදුලි බලාගාරයට දෙනවා.

විදුලි බල මණ්ඩලයට මට ලබා දෙන්න තිබෙන උපදෙසක් තිබෙනවා. දැන් පැය විසි හතරම විදුලිය ලබා දීලා සීමිත විදේශ විනිමය ඉවර කර ගත්තොත් පෙබරවාරි අග වන විට තෙල් ගේන්න අපිට විදේශ විනිමය සපයාගන්න බැරිවුනොත් රටම අඳුරට යෑමේ අවදානමක් තිබෙනවා. දැන් දවසට විනාඩි 90ක් විදුලිය කපලා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගත්තොත් වැසි සමය එන තුරුම දවසට විනාඩි 90ක් පමණක් කපන්න පුළුවන්. මේ ගැන සිතා බලන්න කියා මම විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලනවා. එසේ විදුලිය කැපීම ජනතාවට අමාරු වුණත් ඔරොත්තු දෙන්න පුළුවන් මට්ටමේ දෙයක් පැය 24 ම හොඳට විදුලිය තිබිලා එකපාරටම පැය තුනක වගේ විදුලි අහිමි වීමකට මුහුණ දෙනවාට වඩා.

තෙල් ගැන පච කියන තෙල් පචයෙක් ඉන්නවානෙ. නම නොකීවත් කවුරුත් දන්නවා. ලංකාවටත් එකයි. ලෝකයටත් එකයි. එයා කියනවා, රටේ තෙල් හිඟයක අවදානමක් තිබෙන්නේ ඇමතිවරයා නිසි කලට තෙල් ආනයනය නොකල නිසාලු. ඒ කටින්ම ඊ ලඟට කියනවා, තෙල් නැව් ඇවිත් මුහුද මැද තිබෙනවා. ඩොලර් නැති නිසා තෙල් ගොඩ බාන්න විධියක් නැතිලු. තෙල් ආනයනය කරන්නේ තෙල් සංස්ථාව මිස ඇමතිවරයා නොවේ. ඒ අය නිසි කලට ඇණවුම් කරලා නිසි කලට නැව් එනවා. දවස් ගණන් වරායේ රස්තියාදු වන විටත් ණයවර ලිපි විවෘත කරන්නේ නැතුව මුදල් ගෙවන්නේ නැතුව අපට අවශ්‍ය ඉන්ධන ගෙන්නා ගන්න සංස්ථාව සමත් වී තිබෙනවා. නමුත් රටක් ලෙස අපි මුහුණ දෙන විදේශ විනිමය අර්බූදය හේතුවෙන් තමයි ඉන්ධන අර්බූදයක අවදානමක් තිබෙන්නේ. ශ්‍රී ලංකාව මේ මොහොතේ විදේශ විනිමය සපයා ගැනීමේ අභියෝගයකට මුහුණ පා ඉන්නවා කියන එක හැමෝම දන්න කාරණයක්.

අපට මාසිකව ඉන්ධන ආනයනය කරන්න ඩොලර් මිලියන 400ක් අවශ්‍යයි. විදුලි නිෂ්පාදනයටත් සමග ගත්තොත් මාසිකව ඩොලර් මිලියන 500ක් අවශ්‍යයි. අපේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 1,000යි. එයින් ඇත්තටම රටට එන්නේ ඩොලර් මිලියන 750-800ක් විතර. ඒකෙන් ඩොලර් මිලියන 500ක් නැතිනම් තුනෙන් දෙකක් තෙල් නිපදවන්න ඉල්ලුවාම බැංකු කොහොමද ඒක කරන්නේ? එක පැත්තකින් රට ඇතුළට විදේශ විනිමය ගලා ඒම අඩු වෙලා තියෙන අතරේ අනිත් පැත්තෙන් ඉන්ධන සඳහා යන වියදම බරපතළ ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉන්ධන පරිභෝජනය ඉහළ ගිහිල්ලා තියෙනවා වගේම ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තිබීම ඊට හේතුවයි. ඊයේ වන විට වසර ගණනාවකට පසු වාර්තාවන ඉහලම ඉන්ධන මිල ලෙස ඩොලර් 87ක මිලක් වාර්තා වුණා. යුරෝපයේ තිබෙන ශීත දේශගුණය සමග මීටත් වඩා තෙල් මිල ඉහළ ගිහිල්ලා තෙල් බැරලයක මිල ඩොලර් සීය දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා අනාවැකි පළ කරලා තියෙනවා. අපි දැවැන්ත අභියෝගයකි ඉන්නේ. නමුත් මේ දක්වා ප්‍රබල රටවල ඉන්ධන හිඟයක් ඇති උනාට මාස හතක් පුරාවට ඉන්ධන හිඟයක් ඇති වන බවට විපක්ෂයේ අනාවැකි පළ කරාට මහා දුෂ්කර වෑයමක ප්‍රතිඵලයක් ලෙස අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

ප්‍රශ්නය – ඉන්ධන මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක ඉන්දීය ණය පහසුකමක් ලැබෙනවා ඔබතුමා එය දකින්නේ කොහොමද ?

පිළිතුර – ඉන්දියානු විදේශ අමාත්‍යතුමන් විසින් අපේ විදේශ අමාත්‍ය තුමන්ට ඩොලර් මිලියන 500 ඉන්ධන මිල දී ගැනීමේ ණය පහසුකමක් පිරිනමමින් එවන ලද ලිපියේ පිටපතක් මටත් යොමු කර තිබුණා. එය ඉතාම ආකර්ශනීය පොලී අනුපාතයක් යටතේ තමයි ඉදිරිපත් කරලා තියෙන්නෙ. London Interbank Offered Rate (LIBOR) පවතින අනුපාතයට 1.25% ප්‍රතිශතයකට එකතු කරපු ණය පොලිය අනුපාතිකයක් එතකොට 2% වගේ තමයි මේ ණය පහසුකම ට පොලිය අය කරන්නේ. ඒ වගේම මේ ඩොලර් මිලියන 500 ගෙවන්න අපට වසරක කාලයක් දෙනවා. අපි ඒක ගෙව්වට පස්සෙ නැවත නැවතත් අපිට එය පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. නමුත් දැනට අපට ලැබිලා තියෙන්නේ පිරිනැමීමේ ලිපිය පමණයි. ඊට පස්සේ අපිට ගිවිසුම් පිටපත ලැබෙන්න ඕන. ගිවිසුම් පිටපත නීතිපතිවරයා විසින් නිශ්කාෂණය කළාට පස්සෙ අපේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත් ඉන්දියාවේ එක්සින් බැංකුවත් අතර ගිවිසුමක් අත්සන් තැබෙනවා. ඊට පසු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා අපට අවශ්‍ය ඉන්ධන තොග මිලදී ගැනිමේ හැකියාව තියෙනවා.

– මාධ්‍ය ඒකකය

28,107 views

7 Comments to “විදුලිය කප්පාදු කල යුතුයි.. නැතොත් මුළු රටම අදුරට යාවි.. ප‍්‍රවාහනය නැවතී අරාජික වේවි..- ගම්මන්පිල”

  1. සැපට හිටියා ඉවරයි says:

    හරිනම් විදුලියත් එක්කම මේකාගේ අහවල් එකත් කප්පාදු කළ යුතුයි

  2. SKF says:

    මේ නිවුස් අහල හොදට ඉන්න මිනිස්සුන්ට ප්‍රෙෂර් වැඩි වෙනවා.
    හැම දෙයක්ම අනිත්‍යයි. විදුලි කප්පාදුවත් අනිත්‍යයි. ඒක නිසා බය නැතුව හිටපල්ලා.

  3. Alapaluwa says:

    අනේ ස’ මේ යකා එළවලා බලශක්තිය ජොනී ඇමතිතුමාට දෙන්න. එයා ළඟ ඩොලර් තියෙනවා.
    මේකා හැමදාම නෑ නෑ නෑම තමයි. කාලයක් රුපියල් සීය ගැනේ එකතු කළා.
    හැබැයි හොරකමට දක්ෂයා. ඩොලර් මිලියන ගාණක ණයක් ගන්න ගියා වැඩි පොලියට කොමිස් ගන්න. ස’ හිටි නිසා බැරිඋනා. එකයි මේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන්නේ.
    බ්‍රයන් ෂෙඩික් කියල ඕස්ට්‍රේලියන් කරයෙක්ගෙන් සල්ලි වංචා කරලා නඩු ගියා. Alapaluwa from SA (Eastern Cape)

  4. GulSiri Lal Nanda says:

    This person working on politically uncertainties which that through out the his line of politics guide lines . The man of is an Immured politician by so-called Pivititure Hela Urmaya of born out fit of that Champika Ramnaawke

  5. GulSiri Lal Nanda says:

    This person working on politically uncertainties which that through out the his line of political guide lines . The man of is an Immured politician by so-called Pivititure Hela Urmaya of born out fit of that corrupted politics of by Champika Ramnaawke Hela Urumaya.

  6. ධන උල්පත් කිසිලෙසකින් ඉන්දියානුවන්,බටහිරයන් සතු නොකළ යුතුයි,.! says:

    විදුලිය පැය විසිහතර පුරාවට අවශ්‍යනම් විදුළිය විසංධිකළ යුතුයි, දේශීය විසඳුම් සොයාගන්නාතුරැ ඡලවිදුලියෙන් පමනක් විදුළිබලය ඡනනය කළ යුතුයි,
    චිනය විසින් අවලංගු කරනාලද සූර්‍යවිදුලිබල ව්‍යාප්‍රෘති නැවද කැදවාගැනීමට වහාම කටයුතු කළ යුතුයි,.!
    දේශීය බුද්ධිය වහාම උයෝගී කරගනිමින ( hydrogen ) ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට වහාම සැලසුම් සකස්කර ක්‍රයාවට නැංවිය යුතුයි,.!
    ඡාතික සම්පත්,රාඡ්‍යයේ මරමස්ථන,ධන උල්පත් කිසිලෙසකින් ඉන්දියානුවන්,බටහිරයන් සතු නොකළ යුතුයි,.!

  7. ළූණු බන්දුල(සුදු) says:

    Alapaluwa මෙන්න මේකා කියනවා විදුලිය කප්පාදු කල යුතුයිලු. නැතොත් මුළු රටම අදුරට යාවිලු. ප‍්‍රවාහනය නැවතී අරාජික වේවිලු.
    ඉක්මනට වරෙන් මචෝ රට බේරගන්න.

Main News