විදුලිය නිපදවීමෙන් ජලාශ සිදී යයි… කොළඹට ජලය සීමා කරන්න වෙයි…

January 22, 2022 at 11:20 am | lanka C news
විදුලිය නිපදවීමෙන් ජලාශ සිදී යයි… කොළඹට ජලය සීමා කරන්න වෙයි…

කොළඹට අවශ්‍ය බීමට ගන්නා ජලය සීමා කිරීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තාවෙයි.

මීට හේතු වී ඇත්තේ ජලාශවල ජලය සීඝ්‍රයෙන් පහත බසිමින් පැවතීමයි.

රජයේ ඉහල ප‍්‍රකාශකයෙකු පැවසුවේ කොළඹට ජලය සපයන කැලණි ගඟට ජලය මුදා හරින කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශ වල ජලය වේගයෙන් සිඳී යාම සිදු වෙමින් ඇති නිසා පෙබරවාරි හෝ මාර්තු මාසය වන විට මෙසේ ජලය සීමා කිරීමට සිදුවනු ඇති බවයි.

දැනට විදුලිය නිපදවීම සඳහාද ජලය බහුලව භාවිතා කරන නිසා ජලය සිදී යාමේ වේගය අනුව විදුලිය නිපදවීම සීමා කර බීමට අවශ්‍ය ජලය ලබා දීමට එම ජලාශ භාවිතා කිරීමට සිදුවන බව එම ප්‍රකාශකයා පැවසීය.

ජල මට්ටම් පහළ බැසීම මත ද හදිසි වර්ෂාවක් ඇති නොවුණහොත් ජලය තවදුරටත් සීඝ‍්‍රයෙන් අඩුවනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

13,260 views

4 Comments to “විදුලිය නිපදවීමෙන් ජලාශ සිදී යයි… කොළඹට ජලය සීමා කරන්න වෙයි…”

  1. ruwan says:

    ratata me hama wipathakma wenne minimaruwek balaye inna hinda..uge kalakannikama paukarakama mulu ratatama gahala tiyenne..me kalakanniya marenna kiyala pol gahamu hamoma..hathara waram deiyane mage rata berala denna….me wesa paula sunnaduli wela yanna

  2. අත්දූටයි සත්‍යයි says:

    අපේ කට්ටිය කරැවලේ ඉන්නත් මෙච්චරටම බයද…?

    හෙම්බිරිස්සාවටත් බයවළා හිටපු එකා.. දැං තරුවලට බයේ,..!

    ඉතිපිසෝ ගාථාව කියල ඔළුවෙ ඉදං පෙරෝගනිල්ලා…

    එලිවෙනතං අයිම හොළ්මං පේන්නෑ,.බයවේන්නෙත් නෑ
    අත්දූටයි සත්‍යයි

  3. පුත්තලම් පොහොට්ටු බලකාය says:

    යකෝ වතුර බොන්නෙ නැතුව ඉන්න පුලුවන්. කරන්ට් එක නතුව ඉන්න පුලුවන්ද? ඔක්සිජන් කන්නද? වතුර බොන්නද? පොහොට්ටුව දිනේවා..

  4. Gamarala says:

    දැන් රටම හිදිලා තිබෙන්නේ. ආයිත් හිදෙන්න දෙයක් නැහැ එකම විකල්පය ජාතික ජනබල වේගයට රට බාර දෙමු.

Main News