විදුලිය කපන්නෑ.. ඇමති ; එහෙම සහතිකයක් දෙන්න බෑ…- CEB
January 13, 2022 at 3:00 pm | lanka C news
කැලණිතිස්ස පෞද්ගලික විදුලි බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය යථා තත්ත්වයට පත් කිරීම නිසා ඊයේ දිනයේ විදුලි කප්පාදුවක් නොකළ නමුත් ඉදිරියේදී කප්පාදුවක් සිදු නොවන්නේ යැයි නිශ්චිතව කිව නොහැකි බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරයි.
එහි අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කරන්නේ මෙම බලාගාරයේ හදිසියේ ඇතිවූ බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙගාවොට් 163ක් ජාතික පද්ධතියට අහිමි වූ බවයි.
එනිසා දිවයිනේ ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳ වැටීම් සිදු වූ හෙතෙම සඳහන් කළේය.
කෙසේ නමුත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ එළැඹෙන 22 වනදා වන තෙක් රට තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි.
ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ද මහා භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බවද ඔහු පැවසීය.
අද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Oh this piliyandala mutt. He knows only thuggery and robbery. Just ignore his statements made under the influence of cannabis.
අද අපිට හරියටම පැය 1 යි විනාඩි 40 කරන්ට් කැපුවා.
තු නොදකිං කාලකන්නි පොලොස් කොට්ටෝරුවා. නොදන්න මඟුල් නොකියා හිටපන්
Kapuwa ,,,,👍