විදුලිය බිදවැටීම සේවකයෙකුගේ වරදක්.. ඇමති ඩලස් ඉල්ලා අස්විය යුතු නෑ.. කමිටු වාර්තාවේ එහෙම නිර්දේශයක් නෑ..- විමල්
August 27, 2020 at 1:20 pm | lanka C news
පසුගිය 17 වැනිදා රට පුරාම පැය 8කට වඩා කාලයක් සිදු වූ විදුලිය බිඳ වැටීම සේවකයෙකුගේ වරදින් සිදු වූවක් බව හෙලිව ඇතැයි ඇමති විමල් වීරවංශ මහතා පවසයි.
අදාල විදුලි බිද වැටීම ගැන සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් මේ බව හෙළිවී ඇතැයි ඇමැතිවරයා පැවසීය.
ඒ නිසා බලශක්ති ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා අස්විය යුතු නැතැයි ද ඔහු සඳහන් කළේ ය.
අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ කිහිපයක්ම ඇති බවත් නැවත විදුලි බිඳවැටීමක් නොවන්නට ගත යුතු පියවරයන් ගැනත් සඳහන් කර ඇතැයිද ඔහු පැවසීය.
නමුත් අලහප්පෙරුම මහතා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් එහි පෙන්වා දී නැති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
කැබිනට් මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.
I was so worried he would resign.
Real political Jokers