විදුලිය මිල වැඩියි.. පිරිවෙන්වල උගන්වන්න බෑ.. රටපුරා පිරිවෙණ්වල ඉගැන්වීම නතර කරනවා..

September 21, 2022 at 3:00 pm | lanka C news
විදුලිය මිල වැඩියි.. පිරිවෙන්වල උගන්වන්න බෑ.. රටපුරා පිරිවෙණ්වල ඉගැන්වීම නතර කරනවා..

විදුලිය භාවිතා කිරීම සඳහා පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය මත රට පුරා පිහිටි සියලු පිරිවෙන්වල ඉගැන්වීම් කටයුතු නතර කර දැමීමට සිදුව ඇතැයි වල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මලේගොඩ නන්ද හිමියෝ පැවසූහ.

විදුලි බිල ඉහළ යාමෙන් ඊට අධික වියදමක් දැරීමට සිදු වීම මත මෙම ගැටලුකාරී තත්ත්වය පැන නැගී ඇත.

අධ්‍යන කටයුතු සිදුකරන ශාලා තුළ සෑම දිනකම පෙරවරුවේ සිට පස්වරු දක්වා විදුලි බුබුළු දල්වා තැබීමට සිදු වන බවත් පෙරට වඩා අධික මිලක් ඒ සඳහා ගෙවීමට සිදුවන බවත් පැවසූ උන්වහන්සේ පැවසූහ.

ඒ නිසා අධ්‍යයන කටයුතු නතර කර ගැනීම හැර හැර විකල්පයක් නැති බව ද උන්වහන්සේ පැවසූහ.

දේශපාලනඥයන්ගේ අර්බුද හා විවිධ කරුණු කාරණා මත විදුලිබල මණ්ඩලයට සිදුව ඇති පාඩුවට වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පලි නොමැති බවද උන්වහන්සේ කියා සිටියහ.

විදුලි බිල වැඩි කිරීමත් සමග පිරිවෙන් ආශිතව සිදුකරන අධ්‍යන කටයුතු වලට සිදුව ඇති බලපෑම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

21,452 views

37 Comments to “විදුලිය මිල වැඩියි.. පිරිවෙන්වල උගන්වන්න බෑ.. රටපුරා පිරිවෙණ්වල ඉගැන්වීම නතර කරනවා..”

  1. k says:

    අපේ නායක හමුදුරුවනේ නොදන්න කමට අහන්නේ බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් පන්සල්වල, බෝදිය වටේට රෑ එලිවෙනකම් ලයිට් දාල AC දාල තිබුනද.

    • අරුණ උපාසක says:

      ඒ මොටද? ඒ කාලෙ හිටියෙ හාමුදුරුවරු නෙව ළමයෝ.

  2. Lalla says:

    පිරිවෙන් වහල ඕවරයේ බෝඩින් පටන්ගන්න. ගානකුත් හොයාගන්න පුලුවන් වගේම සමාජ සේවයකුත් වෙනව. පිරිවෙන්වල ඉගෙනගත්ත කියල රටට ඇති සේවයක් තියනවද?

    • Name says:

      උඹ වගේ ගොන් වස්සෙකුට පිරිවෙනක වටිනාකම තේරෙන්නෙ නෑ.

      • Lalla says:

        පනපිටින් තව්තිසාවට යන්න හිතාගෙන වගේ…. ලෝකයට වැඩක් නැති ජීවිත පවත්වාගෙන යාමට උදව්වක් නැති අධ්‍යාපනය කුමන කාරනයකටද? පඩික්කම් පුරවන්න!!!

  3. දායක සභාව සහ කුළඟන සමිතිය says:

    අරුම පුදුම ගොන් පරයලා දැන් මහණ වෙලා ඉන්නෙ… ශාසනය කනව මුන්..

  4. David Milli-banda says:

    අරුම පුදුම රටපුරා පිරිවෙණ්වල ඉගැන්වීම, “විදුලිය magin./////////// Aney da kiyanne…
    Close the රටපුරා පිරිවෙණ්. and හාමුදුරුවරු can go to their homes

Leave a Comment

Main News