විදුලිය යලි දෙන්න ප‍්‍රමාද වන්නේ සූර්ය විදුලියේ බාධාවෙන්..

August 17, 2020 at 6:20 pm | lanka C news
විදුලිය යලි දෙන්න ප‍්‍රමාද වන්නේ සූර්ය විදුලියේ බාධාවෙන්..

රට පුරා විදුලි බලය බිඳ වැටීම රාත්‍රී 8 පමණ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්වනු ඇතැයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එය මෙතරම් යථා තත්වයට පත් කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ පූර්ණ පාලනයකින් තොරව ඉන් ජනනය වන විදුලිය පද්ධතියට එක් වීම බව ද ඔහු පැවසීය.

සූර්ය විදුලි ජනන ධාරිතාව මෙරට විදුලි පද්ධතියට එක්වන්නේ පාලනයකින් තොරව බවත් රට පුරා විදුලි බිද වැටිම් තත්වයකදී කොටස් වශයෙන් යලි බලය සැපයීමේ කටයුත්තට මෙරට බලාගාර වලින් උත්පාදනය කරන ධාරිතාව එක් කිරීමේ තාක්ෂණික දෝෂයක් පැණ නගින බවත් ඔහු කියා සිටියේය.

ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති නොවීම සඳහා සූර්ය බලය ජාතික පද්ධතියට එකතු කිරීමේදී අනිවාර්යෙන්ම පාලනය කළ හැකි තත්ත්වයක් යටතේ එක් කළ යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

94,911 views

28 Comments to “විදුලිය යලි දෙන්න ප‍්‍රමාද වන්නේ සූර්ය විදුලියේ බාධාවෙන්..”

  1. Just says:

    Of course engineers say so. Maybe they think all listeners are stupid as they are.

Main News