විදුලිය සම්ප්‍රේෂණ පරිවාරක උපාංග දේශීයව නිපදවීමට ලංකා පිගන් සංස්ථාව සමත්වෙයි..

January 27, 2021 at 2:29 am | lanka C news
විදුලිය සම්ප්‍රේෂණ පරිවාරක උපාංග දේශීයව නිපදවීමට ලංකා පිගන් සංස්ථාව සමත්වෙයි..

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙතෙක් කලක් විදුලිය සම්ප්‍රේෂණය සඳහා යොදාගත් ආනයනික පරිවාරක උපාංග දේශීයව නිපදවීමට ලංකා පිගන් සංස්ථාව සමත්වීම මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

විදුලි බල මණ්ඩලය මෙතෙක් භාවිතා කළ ආනයනික පරිවාරක උපාංග සාම්පල උපයෝගී කරගනිමින් ලංකා පිගන් සංස්ථාව විසින් දේශීයව නිෂ්පාදනය කළ පළමු පරිවාරක උපාංග කට්ටල් පසුගිය දා 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී තමන් වෙත පිළිගැන්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

2020 දෙසැම්බරයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදුලි බල මණ්ඩලයේ සහ ලංකා පිගන් සංස්ථාවේ නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙරට විදුලිය සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය වන පරිවාරක උපාංග දේශීයව නිපදවීමේ හැකියාව විමසා බැලීම පිණිස පැවති සාකච්ඡාවේදී ආනයනික සාම්පල යොදාගනිමින් අදාළ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට ලංකා පිගන් සංස්ථාවට පැවරිණි. එම සංස්ථාව මසක් වැනි කෙටි කලකදී අවශ්‍ය සාම්පල දේශීයව නිපදවා කර්මාන්ත අමාත්‍යවරයාට මෙසේ පිළිගන්වා තිබේ.

ආනයනික උපාංගවලට වඩා ශක්තිමත් බවින් යුතු, මිල අඩු දේශීය විදුලි පරිවාරක උපාංග මෙරට විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග එක්ව කටයුතු කරන බව පැවසූ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම පියවර ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සංකල්පය තවදුරටත් ඉහළට ඔසවා තැබීමේ පියවරක් බව ද මෙහිදී පෙන්වා දුන්නේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

22,976 views

10 Comments to “විදුලිය සම්ප්‍රේෂණ පරිවාරක උපාංග දේශීයව නිපදවීමට ලංකා පිගන් සංස්ථාව සමත්වෙයි..”

  1. nilu perera says:

    විමල් වීරවංශ ශක්තිමත් කර්මාන්ත අමාත්‍ය.

  2. Mahinda says:

    නියමයිනේ ,

  3. Kurunaratne says:

    Well done!

  4. Jehan says:

    This is great. Lanka Ceramics made really good products back in 70 and 80 so this is a great move. We need to make whatever we can in Sri Lanka. Congradulations to both Lanka Ceramics and Minister Wimal Weerawansha

  5. sumudu says:

    Well Done

  6. ක්‍රිමිනල් says:

    වෙල් ඩන් බෛයො හතරයි!දේශප්‍රේමියන්ට වෙච්ච දෙයක් ,දැන් විදේශ කුම්ණ්ත්‍රණ , මුස්ලිම් වියාප්තවාදය එහෙම නැතෙයි ? 😂😂😂

    • අනෝනිමස්ස් says:

      මේක 3% නිට්ටෑවෙක්ගෙ කොමෙන්ට් එකක් කියල හිතෙන්නෙ මට විතරද? 😂

    • කුඹුක්කණ් says:

      ඒවා තියෙනවා ගොං බූරු අනුර ගැත්තෝ

      ඒවා තියෙනවා කියලා මේව නවතින්නෙ නෑ
      මේවා කලා කියලා ඒවා නවතින්නෑ

      උඹ මී හරකෙක් කියලා ලංකාවෙ තණකොල ඉවර වෙන්නෙත් නෑනෙ

  7. කදිරෙල් says:

    මේක ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයාගේ වැඩක්. ඔහුගේ පාර්ලි‌‌මේන්තු කතාවේ මේක ගැන කියලා වැඩ ආරම්භ කරා. විමල් කරේ අනුන්ගේ අදහස් උස්සලා තමුන්ගේ වගේ ලෝකෙට පෙන්නන එක.

    • කුඹුක්කණ් says:

      නම ගම කාට ගියත් ආණ්ඩුවෙන් කරන වැඩ අගය කල යුතුයි

      නැත්තං 3% බල්ලො වගේ වටේට බැන බැන ඉන්න තමා වෙන්නෙ කිසිම වැඩක් නැතුව

Main News