විදුලිසැර වද්දා සද්දන්ත අලියෙකු මරා දමලා…

December 16, 2021 at 12:40 pm | lanka C news
විදුලිසැර වද්දා සද්දන්ත අලියෙකු මරා දමලා…

මන්නාරම මාන්තෙයි බටහිර පරප්පුකණ්ඩාල් ප්‍රදේශයේ පිහිටි වගා ඉඩමක විදුලිසැර වැදීමෙන් මිය ගිය වන අලියෙකුගේ සිරුරක් ඊයේ (15) සවස සොයාගත් බවට මන්නාරම් වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

පරප්පුකණ්ඩාල් ප්‍රදේශවාසීන් විසින් අදාල වනඅලියාගේ මළ සිරුර දැක ඒ පිළිබඳව මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් වගාබිමට පැමිණ සිදුකරන ලද පරික්ෂණ වලදී අනාවරනය වී ඇත්තේ වනඅලියාට විදුලිසැර වැදීමකින් මිය ගොස් ඇති බවට සැකපල කරන බවටය.

කෙසේ වෙතත් වනඅලියාගේ මරණ පරික්ෂණ කටයුතු සිදුකළ උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා නිගමනය කලේද වනඅලියාට විදුලිසැර වැදීමක් හේතුවෙන් මිය ගොස් ඇති බවටය.

අනතුරුව වනඅලියා මිය යාම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල අඩම්පන් පොලීසිය විසින් විදුලිරැහැන් ඇදීම සම්බන්ධයෙන් සැකපිට අදාල වගා ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙන මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

මිය ගිය වනඅලියා අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන අතර ප්‍රදේශයේ සැරිසැරු තනිඅලියෙකු බවටද  ප්‍රසිද්ධියට පත්ව ඇතැයි මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,722 views

One Comment to “විදුලිසැර වද්දා සද්දන්ත අලියෙකු මරා දමලා…”

  1. Amda says:

    අපේ රටට හෙන ගහන්න තවත් එක කාරනයක් මේ අහින්සක සතුන් විනාශ කිරීම

Main News