විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..

December 14, 2019 at 8:02 am | lanka C news
විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටී අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබද මෙහිදී අවධානය යොමු කෙරිණි.

විදුලිබල ක්ෂේත්‍රයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබදව  ද සාකච්ඡාවට ලක් විය. ඒවා ආරම්භ කිරීමට පෙර නිසි සක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

එමෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදුලිබල ක්ෂේත්‍රයට අදාළව සිදුකර ඇති යෝජනා පිළිබදව  මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යෝජනා සදහා අමාත්‍යාංශ නිලධාරින්ගේ පූර්ණ එකඟතාව පළ කෙරිණි.

විදුලිබල අවශ්‍යතාව සපුරාගැනීම සහ ඒ වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති පිළිබද විදෙස් රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සදහා ආයෝජකයන් ගෙන්වා ගැනීම සහ එහිදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම පිළිබදව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය.

මෙහිදී අනාවරණය කෙරුණේ පසුගිය වසර කිහිපය තුළ විදුලි බල ක්ෂේත්‍රයට අදාළව විදේශ රටවල් රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණ ද ඉන් බොහොමයක් රාජ්‍යයන් අතර අත්සන් තැබුණු ඒවා නොව පෞද්ගලික සමාගම් සමඟ ඇතිකරගත් එකගතාවන් බවයි.

එබැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී නිසි අධ්‍යයනයන් සිදු කරමින් රටට හිතකර අන්දමින් කටයුතු කිරීමේ වැදගත්කම  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මොහාන් සමරනායක
අධ්‍යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය

36,530 Viewers

8 Comments to “විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..”

  1. kamal says:

    සද්ධා සිල සුත ත්‍යාග ප්‍රඥා යන ශේඛ බල වැඩු මට සවිඤ්ඤාණණික සියලු දේ අනිතයයි දුකයි අනාත්මයි හැරෙන්න සියලුම අවිඥ්ඥාණික දේවල් නැත්තම් රුපය අනිත්‍යය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න පුලුවන් වුනා නමුත් රුපය විතරක් නෙවෙයි සියලුම සංස්කාර අනිත්‍යය බව තේරුම් ගන්න මට පංච බල පංච ඉන්ද්‍රිය හා සේඛ බල වන ශ්‍රද්ධා සති ව්ර්ය සමාධි ප්‍රඥා ඔන බව ඊයේ තේරුම් ගත්තා ඥණාරාම හිමි ලග තිබු සප්ත විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය නැති බව මම ඊයේ තේරුම් ගත්තා සියලු දෙනාටම තෙරුවන් සරණයි මට උදව් කරනවාට

  2. kamal says:

    විදුලි ශක්ති අර්බුදයට විසදුම
    පුතේ මේ අහන්න ඇපටයිට් ගන්නෙ පොහොර වලට විතරක් නෙවෙයි. ඇපටයිටි වලින් සිලිකා හදන්න පුලුවන් පුතාලා මම කවුද කියලා දන්නෙ නැ කමල් විතරයි දන්නෙ කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

  3. kamal says:

    විදයාව කියන්නෙ නලින්ද සිල්වා කියන විදියට පට්ටපල් බොරුවක්
    කිරිබත්ගොඩ හිමි කියන කථාව අහමු
    පුතේ කපටි කමට එක එක ඒවා ඉගෙන ගන්න එපා අහිංසක වෙන්න ඒකල්ලා මැරෙන්න මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

  4. හැඳි මිටේ නුවණ says:

    If I were not mistaken these were the famous titles they were throwing mud on the ex-government before they come to the power. Why are now following the same way? As my opinion these without these any government can’t proceed unless we go to the nuclear power plants. Anyway good for the country. But how are they assure the liability of the governing negotiations? And rather than switching heads of the sides of the Parliament, I can’t see anything. The same way. The same methods…

  5. Sadda says:

    Maha parimana ayojana karana eka hodayi. Eth rajaya sewakayange athikala deemana kappadu kaloth ovunta jeewath veeme hakiyavak nathiva yawi. E aya mulu vatupatama naya vela irnne athikala valin thama jeewath wenne. Athikala deeemana dermedi eva hariyakaraea kalamanakaranaya kireemata ayatana pradhanin vagabalagatha yuthuyi.

  6. මහා පරිමාණ ආයෝජන වලට කලින් අපේ බැංකු වලින් දෙමින් සිටිය සහන පොලියක් මත පදනම් වූ බැංකු ණය ටික ආපහු දුන්නොත් නරකද සූර්‍ය කෝෂ ව්‍යාප්ෘති සදහා… මෙරට සුලු ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව බොහොමයක් මේ ව්‍යාප්ෘති සදහා අයදුම් පත් දමා තිබුනා.. රවි විසින් මෙම බැංකු ණයත් නවතා, විදුලි බල මණ්ඩලය විසින් ඒකකයකට ගෙවමින් සිටි ආකර්ෂණීය ටැරිෆ් ත් නවතා, මෙම සූර්‍ය බල ශක්ති ව්‍යාපාරය සහමුලින්ම අකර්මණ්‍යය කළා..

    පරිසරය දූෂණය කරන ව්‍යාප්ෘති සදහා විදේශීය ආයෝජකයන්ට තැන දෙන්න කලින්, අපේ සූර්‍යාලෝකය 100%ක් ප්‍රයෝජනයට ගන්න වැඩ පිළිවෙලක් සකසා ගමු.

    ඉන්පසු රට වටා ඇති මුහුදු රැළි වල ශක්තියත්, සුළං ශක්තියත් ප්‍රයෝජනයට ගමු..

    ඉන්පසු පුලුවන් විදේශ ආයෝජන ගැන සිතීමට…

  7. Parakum says:

    Consult the French, they have expoertise in installing FLOATING SOLAR PANELS in water. Install them in TANKS and Hydro reserviours prevent water loss due to evorparation.

Main News