විදුලි අර්බුදය දරුණුයි.. ජල විදුලිය 23% තෙක් බහී.. අමතර 220MW එක් කරන්න මාසයක් යයිලු..

February 18, 2020 at 12:40 pm | lanka C news
විදුලි අර්බුදය දරුණුයි.. ජල විදුලිය 23% තෙක් බහී.. අමතර 220MW එක් කරන්න මාසයක් යයිලු..

පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය 23% දක්වා පහළ බැස තිබේ.

ජල විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම තව දුරටත් සීග්‍රයෙන් පහත බසිමින් පවතී.

මේ තත්ත්වය මත මෙරට විදුලි ඉල්ලුමෙන් 80%ක පමණ ප්‍රමාණයක් තාප විදුලියෙන් නිෂ්පාදනය කරමින් සිටියි.

කෙසේ නමුත් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට සූදානම් බව විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මේ වන විටත් අමතරව විදුලිය මෙගාවොට් 220ක් මිලට ගැනීම සදහා කැබිනට් අනුමැතියද ලැබී තිබේ.

නමුත් විදුලි ඉංජිනේරුවන් සඳහන් කරන්නේ එසේ ලබාගන්නා විදුලි ප්‍රමාණය ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට අවම වශයෙන් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවයි.

318 views

4 Comments to “විදුලි අර්බුදය දරුණුයි.. ජල විදුලිය 23% තෙක් බහී.. අමතර 220MW එක් කරන්න මාසයක් යයිලු..”

  1. Gini says:

    Waist of mahavalley investment.

  2. lanka says:

    ඇයි යකෝ සති දෙකක්කත් නැනේ ගංවතුර ගලල ….

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    අර මොකුන්ද එවුන් කැකුණ තලන කොට මොකුන්ටද රජ මගුල් කිව්වලු. ඒ වගේ තමයි පායන කොට විදුලි බලේ ඉහල එවුන්ගේ බැංකු පිරෙනවා. අනේ ජනාධිපතිතුමනි, අපිට බැරිද ත්‍රිවිධ හමුදා විදුලි අංශය අරගෙන මේ වැඩේ කරගන්න. මේකේ ඉන්න හොරු ටික අල්ලලා කූඩු කරන්න. චන්දෙන් පස්සේ වත් සලකල බලමුද. නැත්නම් රටට ගොඩ යෑමක් නෑ.

  4. Mahasen Ekanayake says:

    This represents the mafia inside of CEB. They could not manage the reservoirs water levels. The senior management of CEB always tries to empty the water reservoirs and show the demand. They do not encourage the renewable energy sources but always try to find easy methods of purchasing. In side news of the CEB confirms that a sudden purchase of three gas turbines. This particular purchase is totally a misutilization of the CEB funds. The selected turbines are not suitable for Sri Lanka. But inside CEB mafia is trying to approve these turbines for Kelanitissa.