විදුලි අර්බුදය දරුණු වෙයි.. අඛණ්ඩ විදුලිය දෙන්න බෑ.. විදෙස් සමාගම්වලින් මිලට ගන්න ටෙන්ඩර් කැදවයි..

January 28, 2020 at 12:40 pm | lanka C news
විදුලි අර්බුදය දරුණු වෙයි.. අඛණ්ඩ විදුලිය දෙන්න බෑ.. විදෙස් සමාගම්වලින් මිලට ගන්න ටෙන්ඩර් කැදවයි..

ඇති වී තිබෙන විදුලි අර්බුදය හමුවේ මෙගා වොට් 300 ක විදුලි බල විදුලි ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා විදෙස් සමාගම්වලින් මිල ගණන් කැඳවා ඇත.

ඒ අනුව විදුලි ඒකකයක් ජාතික විදුලි පද්ධතියට ලබාදිය හැකි මිල ගණන් හා ගිවිසුමට අදාළ කොන්දේසි ඉදිරිපත් කරන්නැයි දන්වා ඇත.

දැනට ඇති වී තිබෙන වියළි කාලගුණය අප්‍රේල් මාසය අවසන් වන තුරු පවතිනු ඇති බවත් එනිසා දිනෙන් දින විදුලි අර්බුදය උග්‍ර වනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් රජයට පෙන්වා දී තිබේ.

මේ වන විට සමස්ත විදුලි ඉල්ලුමෙන් ජල විදුලි නිෂ්පාදනය 25% ක් දක්වා පහත බැස ඇත.

මෙම තත්වය මත පෙබරවාරි මාසය අවසන් වන තෙක් හෝ අඛණ්ඩ විදුලි බලය ලබාදීම බරපතළ අභියෝගයක් වී ඇතැයිද වාර්තා වේ.

19,143 Viewers

7 Comments to “විදුලි අර්බුදය දරුණු වෙයි.. අඛණ්ඩ විදුලිය දෙන්න බෑ.. විදෙස් සමාගම්වලින් මිලට ගන්න ටෙන්ඩර් කැදවයි..”

  1. බන්ඩා says:

    මහින්ද හදපු නොරොච්වෝල කොත්මලේ කෙරවලපිටිය බලාගාර වල වැරදි හෙව්වා සහගල් අඟුරැ වලින් හොරා කෑවා මිස පසු ගිය වසර හතර තුල යයපාලනය එකම විදුලි බලාගාරයක් වත් හැදුවෙ නැහැ

    • හෙලයා says:

      2015 දි වැඩ පටන් ගන්න ලැහැස්ති කර තිබූ ත්‍රිකුනාමලේ ගල් අඟුරැ බලා ගාරය නිසි කලට හැදුවා නම් කිසිම විදුලි හි
      ඟයක් ඇති වන්නේ නැහැ. යහපාලනය හිතා මතාම ⁣රට වැට්ටුවා.

    • B4 UNP now Gota says:

      Ravi ya hitapu thanak ne.

    • සුබේ says:

      ඔය කියපු සේරම වැඩිපුර තිබුනෙ කැඩිල. ඒව නිසිප්‍රමිතියට අලුත්වැඩියා කලේ දුවන්න සැලසුවේ යහපාලන රජය. අමතක කරන්න එපා, තාමත් ඔහෙල ගන්න විදුලියෙන් වැඩි ප්‍රමාණය එජාපෙ මහවැලි ව්‍යාපාරය හරහා එනඒව. දැන් ඉතින් වැඩබැරි විරුවගෙ ආණ්ඩුවට පුලුවන්නනෙ මේ ප්‍රශ්න කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් විසඳලා දෙන්න. පරණ ආණ්ඩුවට බැන්නට විදුලිය ලැබෙන්නෙ නෑනෙ.

  2. kumara says:

    අපි විදුලි අර්බුදයෙන් ආරක්ෂා වෙමු. Off-GRID system එකකට යන්න. CEB තිබුනත් එකයි නැතත් එකයි . බඩු වැඩ ගින්දර වගේ.

  3. හාවා says:

    සිංහලයා මෝඩයා — කැවුං කන්න යෝදයා

    කිව්වට , එහෙම නැහැ . බලන්න රටම යටවෙන්න ගං වතුර ගලන්න මාසගානක් වැස්සත් , සති දෙක තුනක් යනකොට ජලාශ වල වතුර නැති කරන්න තරම් ශූර මොල කාරයෝ තමයි මේ රටේ ඉන්නේ . ඉතිං මෝඩ කවුද ? මෙහෙම යනකොට පෝට් සිටි හදන්න මූද ගොඩ කොලේ අපරාදෙ , විදුලි බලේ මාත්තුරුංට කිව්ව නම් මූදත් හින්දෝගන්න තිබ්බා . නැද්ද හා .

  4. aaa says:

    mooda sinhalayoo. bena bena inna .loan aran lookayeema ashcharya karaa yanda lagayi