විදුලි අර්බුදය දරුණු වේ.. විදුලි කප්පාදුව තවත් පැය ගණනකින් ඉහලට…

March 30, 2019 at 8:40 am | lanka C news
විදුලි අර්බුදය දරුණු වේ.. විදුලි කප්පාදුව තවත් පැය ගණනකින් ඉහලට…

පවතින අධික වියළි කාළගුණ තත්වය හමුවේ දිනෙන් දින විදුලි ඉල්ලුම ඉහළ යන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි නොලැබුණහොත් බලවත් අසීරුතාවයට පත්වන බවද මණ්ඩලය පවසයි.

අලුත් අවුරුදු සමයට පෙර ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොලැබුණොත් විදුලි කප්පාදුව තවත් පැය ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ද මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.බී. ගුණවර්ධන මහතා කියා සිටියි.

2015 වසරේදී ඉදිකිරීමට සැලසුම් කර තිබූ සාම්පූර් බලාගාරය ඉදි කළේ නම් මෙවැනි විදුලි අර්බුදයක් ඇති නොවන බවද පැවසූ සාමාන්‍යාධිකාරිවරයා විවිධ හේතු මත එය ඉදි නොවූ බවද පෙන්වා දෙයි.

122 views

4 Comments to “විදුලි අර්බුදය දරුණු වේ.. විදුලි කප්පාදුව තවත් පැය ගණනකින් ඉහලට…”

  1. Dushantha says:

    මොනව කරන්ඩද හලෝ අපේ රටේම කට්ටියකට හොඳට තිබ්බ රටේ වෙනසක් කරන්ඩ ඕනි උනානෙ. දෑන් ඉතින් වෙනස විඳෝපල්ලා.

  2. Kadiya says:

    ඔය විවිධ හේතු අතර තියනවා යහපාලන දේශපාලන නායකයන්ගේ හොරකම, අමනකම, ගොන්කම, දේශ ද්‍රෝහීකම යන සියල්ලම. ඒ අතර යහපාලන බොරුවලට රැවටිලා යහපාලනය බලයට ගෙනෙන්න සිරිසේනට 2015 ජනවාරි 8 චන්දෙ දුන්න උන්ගේ තකතීරුකම.

  3. sanidu sooriarachchi says:

    පටන් ගත්ත දවසේ ඉදලම අපිට පැය 4ක් රැ දවල් කපනවා/ ඒත් සමහර පති වල තාම අක පයක් වත් කපල නැහැ. අන්තිම අසාධාරණයි.

  4. sanidu sooriarachchi says:

    පටන් ගත්ත දවසේ ඉදලම අපිට පැය 4ක් රැ දවල් කපනවා. ඒත් සමහර පැති වල තාම එක පැයක් වත් කපල නැහැ. අන්තිම අසාධාරණයි.

Main News