විදුලි ඉල්ලූම වැඩියි.. කරන්න දෙයක් නෑ.. පෙර නොදන්වා විදුලිය කපනවා..- ලංවිම කියයි..

April 30, 2017 at 5:30 pm | lanka C news
විදුලි ඉල්ලූම වැඩියි.. කරන්න දෙයක් නෑ.. පෙර නොදන්වා විදුලිය කපනවා..- ලංවිම කියයි..

දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට පෙර දැනුම් දීමකින් තොරව විදුලිය සිදලීමට සිදුව ඇති බව ලංවිම ඉංජිනේරු සංගමය පවසයි.

අධික උෂ්නත්වය නිසා විදුලි ඉල්ලූම ඉහල යාම නොරොච්චෝල එක් යන්ත‍්‍රයක් අක‍්‍රිය වීම ඇතුළු කාරණා හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බව සංගමයේ සභාපති අතුර වන්නිආරච්චි මහතා පවසයි.

මේ අත ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ මෙරට විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශයන්හි ජල මට්ටම වසර 10කට පසු 31% සීමාවට පහත වැටී ඇති බවයි.

මෙනිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසද මණ්ඩලය ඉල්ලා සිටී.

39 views
Main News