විදුලි උපකරණ, නිමි ඇඳුම්, සුවඳ විලවුන් බෝට්ටුවලින් හොරෙන් ගෙනෙති..

July 11, 2021 at 5:30 pm | lanka C news
විදුලි උපකරණ, නිමි ඇඳුම්, සුවඳ විලවුන් බෝට්ටුවලින් හොරෙන් ගෙනෙති..

රේගු නීති රීති උල්ලංඝනය කරමින් මාලදිවයිනේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බඩු භාහිරාදිය තොගයක් බේරුවල ධීවර වරායේ ගොඩබා මින් සිටිය ධීවර කාර්මික පුද්ගලයින් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට බේරුවල ධීවර වරාය වෙරළාරක්ෂක බලකාය කටයුතු කර තිබේ .

අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් බේරුවල ප්‍රදේශයේ ධීවරයින් පිරිසකි .

විදුලි උපකරණ , සැමන් ටින් , ටොෆි චොකලට් , නිමි ඇඳුම් , සුවඳ විලවුන් තොගයක් වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගෙන තිබේ .

සැකකරුවන් ඉකුත් මාර්තු මාසයේ බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර, මුහුදු සීමාව පසු කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති බවත් ,එහිදී මොවුන්ට උදව් කළ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ සේවය කරන කරන පුද්ගලයෙකු විසින් ලබාදුන් භාන්ඩ මෙරටට රැගෙනවිත් ඇති බවටත් සැකකරුවන් ප්‍රකාශ ලබාදී ඇතැයි පැවසේ .

සැකකරුවන් බේරුවල ධීවර පරීක්ෂක වෙත භාර දී ඇති අතර , රේගුවට හෝ බේරුවල පොලීසියට භාර දීමට නියමිත බැව් පැවසේ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

25,393 views

5 Comments to “විදුලි උපකරණ, නිමි ඇඳුම්, සුවඳ විලවුන් බෝට්ටුවලින් හොරෙන් ගෙනෙති..”

  1. හැට නම ලාස්සේ නෝන්ඩි සිමා says:

    එහෙනම් ටොපිය ත් හොරෙන් ගෙන්න මට්ටමට රට වැටුණා. ඇත්තෙන්ම අපිට හරිම ආඩම්බරයි අපේ ස ගැන. එයා තමයි හොඳටම අපිට කරේ..අම්මෝ..සනීපෙ..

  2. ඇල්ලුවේ එකයි- පෙන්නුවේ බාගයයි😡 says:

    බේරුවල අවට ඉන්නේ පුදුම කෝටිපති මුස්ලිම් මිනිස්සු..
    උන් යන වාහන දැක්කම හිතා ගන්න පුලුවනි ” කලු-සල්ලි ”
    ගොඩ බහින්නේ බෝට්ටුවලින්මයි කියලා…!
    මුස්ලිම් රාජ්‍යක් වුනු පකිස්ථානයේවත් නැහැ බේරුවල වගේ
    සැපවිඳින මුස්ලිම් පවුල්…!

  3. කැලණියේ නයා says:

    ඉස්සරාට ඉතින් පොල් සම්බෝලයක් එක්ක බත් වේලක් කන ගෙදර ෆ්‍රිජ් එකෙන් කූල් වතුර ටිකක් බොන ෆර්ෆියුම් ටිකක් දාන කලිසමක් කමිසයක් අදින හෑන්ඩ් ෆෝන් එකක් ලැප්ටොප් එකක් තියෙන එකෙක් කියන්නෙ සුපිරි ධනවතෙක් තමා බයිසිකලේක යනව කියන්නෙ කෝටිපතියෙක් වාහනයක් තියෙනව කියන්නෙ ඉතිම් සුපිරිම ධනපතියෙක් .අනේ ඉතිම් මේ වැනි සවුබාග්ගයේ මෙව්ව එකක් බයිසන්ලා එක්කහු වෙලා රටට උදා කලා කියල සන්තෝස වෙමු.

  4. Ms.commonsense says:

    Me rate wena horakam ekka baladdi mewa loku dewal nemei. Government eka karana horaweda issella nathara karanna one mewa nemei.

  5. chamee says:

    den mewa lankawe nishpadanaya karanna thahanam dewalda?

Main News