විදුලි කනුවකට වලක් හාරද්දී මිනිස් ඇටසැකිලි හමුවේ..

October 15, 2018 at 2:06 am | lanka C news
විදුලි කනුවකට වලක් හාරද්දී මිනිස් ඇටසැකිලි හමුවේ..

යාපනය, අච්චුවේලි ප්‍රදේශයේදී විදුලි කනුවක් දැමීමට වලක් සැරීමේදී හමුවු මිනිස් අස්ථි කොටස් පිළිබඳව විශේෂ පරික්ෂණයක් පවත්වා වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසට යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ආනන්දරාජා මහතා අච්චුවේලී පොලීසියට නියෝග කොට සිටියේය.

මහේස්ත්‍රාත්වරයා අදාල මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානය පරික්ෂා කිරීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදී අදාල නියේගය ලබා දෙන ලදි.

එහිදි නියෝග කරනු ලැබුවේ අදාළ අස්ථි කොටස් යාපනය මහ රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමුකොට එළැඹෙන 17 වැනිදා අස්ථි කොටස් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

යාපනය,අච්චුවේලි මාර්ගයක් ආසන්නයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරී‍මේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පසුගිය 11 දා හමුව ඇති බව යාපනය අච්චුවේලි පොලීසිය පැවසීය.

අචිචුවේලි පොලිසිය පැවසුවේ අච්චුවේලි පත්තමේනි සූසෙයප්පර් වීදිය ප්‍රදේශයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරීමේදී සේවකියින් පිරිසකට අදාළ අස්ථි කොටස් හමුවි ඇති බවයි.

අනතුරුව අදාල අස්ථි කොටස් පිළිබඳව අච්චුවේලී පොලීසිය වෙත ලද තොරතුරු මත පොලිසිය අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුව එම අස්ථි කොටස් ගොඩට ගැනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31 views
Main News