විදුලි කනුවක් හිස මතට කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය යයි..

April 8, 2019 at 2:02 am | lanka C news
විදුලි කනුවක් හිස මතට  කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය යයි..

යාපනය, කරනවායි දකුණ, වීරප්පිරායි ප්‍රදේශයේදී විදුලි කණුවක් හිස මතට කඩා වැටීමෙන් විදුලිබල මණ්ඩලයේ කාර්මික නිළධාරියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

යාපනය තුන්නාලෙයි උතුර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව පැවසීය.

ලොරි රථයක් වැදීමෙන් විදුලි කනුවක් අර්ධ වශයෙන් බිදී ගොස් තිබු අවස්ථාවක අදාළ විදුලි කණුව ගලවා වෙනත් විදුලි කණුවක් සිටුවීමට යාමේදී අර්ධ වශයෙන් කැඩී ගිය විදුලි කණුව එකවරම මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයාගේ හිස මතට කඩා වැටීමේන මෙම අනතරු සිදුව ඇති ඇත.

විදුලි කනුව වැටීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23 views
Main News