විදුලි කප්පාදුවක්..? අඛණ්ඩ සැපයුම අභියෝගයක් වෙයි..

May 9, 2019 at 5:30 pm | lanka C news
විදුලි කප්පාදුවක්..? අඛණ්ඩ සැපයුම අභියෝගයක් වෙයි..

බලපා ඇති වියලි කාලගුණය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇතැයි බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය කියයි.

දෛනික විදුලි ඉල්ලුම ඉහල ගොස් ජල විදුලි නිෂ්පාදනය පහත වැටීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව එහි අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

මෑතකදී විදුලි බලාගාර ආශ්‍රිතව වර්ෂාපතනයක් ඇති වුණද ජල ධාරිතාව සැලකිය යුතු මට්ටමින් ඉහල ගොස් නැතැයිද ඔහු පෙන්වා දෙයි.

මේ හේතුව නිසා අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

20,334 Viewers

4 Comments to “විදුලි කප්පාදුවක්..? අඛණ්ඩ සැපයුම අභියෝගයක් වෙයි..”

  1. යෙනුර says:

    හෙට රවියගෙන් අහුවොත් කෝ පම්පෝරිය කියල, මම එහෙම කීවද කියල මතක නැහැ කියාවි. යන්තම් පහුගිය ටිකේ වැහැපු නිසා විදුලි කප්පාදුව නතර උනා. රවී හිතුව වැඩේ හරි කියල.

  2. සිරිසේන says:

    ජනාධිපති වෙලා මහින්ද 2004 දි බාර ගත්තෙ ලයිට් කපන බොම්බ පිපිරෙන ආර්තිකය හොම්බෙන් යන ngo කාරයො R2P ගේන්න හදන රටක්. 2015 දි මහින්ද රනිල්/සිරිසේන ජෝඩුවට බාර දුන්නෙ වසර හතරකින් එක බෝම්බයක් වත් ⁣පිපුරැනේ නැති විදුලිය නොකපන වේගයෙන් සංවර්ධනය වෙන R2P කතා නැති සාමකාමී රටක්. රනිල්/සිරිසේන යහපාලනයට වසර හතරය් ගියේ චන්ද නෑ ලයිට් නෑ බෝම්බ ගහනවා රටේ ආරිතිකය කොට උඩගිහින්.

    • Dushantha says:

      ආයෙ අරන් හෑදුවත් වෑඩක් නෑ බං . අපේ මෝඩ හරක්ට අමතක වෙනවා කොහෙද හිටියෙ කියලා.

  3. සංගමේ says:

    මේ කප්පාදුව මෙම අමාත්‍යංශයේ ඇති ආයතන කීපයක කොන්ත්‍රාත් පදනම යටතේ සිටිනා සේවකයින්ටද ලඟදීම බලපානු ඇති.

Leave a Comment

Main News