විදුලි කප්පාදුවට කාලසටහනක් සකස් කෙරේ…

January 18, 2022 at 10:02 pm | lanka C news
විදුලි කප්පාදුවට කාලසටහනක් සකස් කෙරේ…

අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වුවහොත් ආසන්න වශයෙන් පැය එක හමාරක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

එසේ විදුලිය විසන්ධි කිරීමක් සිදු කරන්නේ නම් ඊට අදාළ කාලසටහන් සකස් කරන ලෙස බලධාරීන්ට දැනුම් දුන් බවද හෙතෙම පැවසීය.

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ඉන්ධන නැවට ඩොලර් ගෙවා ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇති බවත් එම කාර්යය සාර්ථක වුවහොත් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

74,214 views

5 Comments to “විදුලි කප්පාදුවට කාලසටහනක් සකස් කෙරේ…”

  1. ආතතිය තද වූ බයියා says:

    ඩොලර් ගෙවාගන්න බැරුව තෙල් නැව බා ගන්න බැරි වෙච්ච කුජීත ආන්ඩුවක්. විරුවා මෙච්චර ම කිච වෙයි කියල කවුද හිතුවේ. මිනිහා දන්නේ ත් නෑ මිනිහා ගේ අයයිලා සෙට් එක මිනිහව කඩේ ඇරලා මේකේ තිබ්බ ඩොලර් බිලයනයන ගානක්ට විද්ද හැටි. පව් අ ප්පා

  2. ගැලවුම්කරු says:

    ගැලවුම්කරු අලි සබ්‍රි පැමිණ වැඩේ ගොඩ දමනු ඇත.

  3. පොහොට්ටුවේ අපි says:

    විදුලිය කැපීමක් සිදු නොවේ. මක්නිසාද යත්, ණය මුදල ගෙවීම බරපල අපරාධයක් ලෙස පෙනීමට ඉඩ ඇති බැවිනි. කෙසේ හෝ තියෙන ඩොලර් වලින් නැවට මුදල් ගෙවා විදුලි කප්පාදුව තාවකාලිකව හෝ නවතිනු ඇත.

  4. HM says:

    1969 අංක 17 දරන විදුලි බල පනත යටතේ විදුලි බල මණ්ඩලය අඛණ්‌ඩව පාරිභෝගිකයා වෙත විදුලිය සැපයීමට බැදී සිටී. අපිට දැන් කරන්ට් කපලා mk ?nadu dannada ? 🙂

  5. Ashan says:

    Current kapana eka thama hoda. Dan kohomath comfort zone eke enna baha salli nathi nisa. Eka hamotama therenna epai. Naya aragana edineda pawichciyata ganna kramaya dan wath nawaththanna one.