විදුලි කප්පාදුවට මුවාවී නීති විරෝධීව විදුලි බලාගාරයක් ඉදිකිරීමට කොරියා සමාගමක් සූදානම්… මෙරට නියෝජිතයා ලගදී විවාහවන බලවත් පුතාගේ මාමා.. නව යුවලට තෑග්ග බලාගාරයයි…

April 10, 2019 at 10:40 am | lanka C news
විදුලි කප්පාදුවට මුවාවී නීති විරෝධීව විදුලි බලාගාරයක් ඉදිකිරීමට කොරියා සමාගමක් සූදානම්… මෙරට නියෝජිතයා ලගදී විවාහවන බලවත් පුතාගේ මාමා.. නව යුවලට තෑග්ග බලාගාරයයි…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

2014 වසරේ සිට කිසිදු විදුලිබලාගාරයක් මෙරට ඉදිකිරීමට කටයුතු නොකල නිසා හා වෙනත් බල ශක්ති මගින් විදුලිය උත්පාදනය කිරීමට විදුලිබල අමාත්‍යාංශයෙන්ම බාධා කල නිසා සති තුනක කාලයක සිට පැය දිනකට පැය ගණනක් අදුරේ සිටීමට අප රටේ ජනතාවට සිදුවිය.

විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අදූරදර්ශී කියාකලාපය නිසා ඇති වූ එම විදුලි අර්බුදය විසදා ගැනීමට යැයි කියා විවිධ උපාය අනුගමනය කිරීමට යන නිසා කලදුටු කලවල ඉහගැනීමට කටයුතු කරමින් සිටින  මෙරට ව්‍යාපාරිකයින් හා දේශපාලකයින් රාශියකි.

ඉන් එකක් වන්නේ මීට මාස ගණනකට පෙර කොරියානු රජයේ සමාගමක් බව පවසමින් මෙරට ස්භාවික විදුලිබලාගාරයක් ඉදිකිරීමට අවසර ඉල්ලා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පතයක් අනුව එම විදුලි බලාගාරය ඉදිකිරීම සදහා උක්ත සමාගමට අවසර ලබාදීමට කටයුතු කරමින් සිටීමයි. එම සමාගම කොරියානු සමාගමක් බවට කොරියානු තානාපතා කාර්යාලය විසින් සහතික කලද එම සමාගම කොරියානු රජයේ සමාගමක් බවට සහතිකයක් නිකුත් කොට නැත.

ඒ අනුව අදාල කැබිනට් පතිකාව මගින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාවන සූරසේන බටගල කැබිනට් මණ්ඩලයම නොමග යවා ඇත. තවද උක්ත සමාගම කිසිදු පළපුරැද්දක් නොමැති සමාගක් බව අප කල විමර්ශණයකදී හෙළිවී ඇත.

එම සමාගමට මෙම බලාගාරය ඉදිකිරීම සදහා අවසර ලබා දීමට කටයුතු කිරීම පිටුපස එක දවසට එක බොරැවක් කියන බවට ජනතාව අතර පසිද්ධියක් උසුලන පබල දේශපාලකයාද සීටී.

නුදුරු දිනකදී විවාහ වීමට සිටින මෙම දේශපාලකයාගේ පුතාගේ අතිනත ගනු ලබන්නේ මෙම කොරියානු සමාගමේ නිල නොවන දේශීය නියෝජිතයා වන ලංකාවේ පමුඛ සමාගමක හිමිකරැගේ දියණියයි. ඒ අනුව මෙම නව යුවලට දෑවැද්ද ලෙස දෙනු ලැබීමට නියමිතය ඇත්තේ මෙම බලාගාරයයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

32,033 Viewers

2 Comments to “විදුලි කප්පාදුවට මුවාවී නීති විරෝධීව විදුලි බලාගාරයක් ඉදිකිරීමට කොරියා සමාගමක් සූදානම්… මෙරට නියෝජිතයා ලගදී විවාහවන බලවත් පුතාගේ මාමා.. නව යුවලට තෑග්ග බලාගාරයයි…”

  1. සිරිපාල says:

    කෙරවලපිටියේ මෙගා වොට් 300 ස්වාභාවික වායු බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය වැඩි මිලට චින සමාගමකට දෙනවා කියලා නඩුවක් දැම්මේ මේ මහතා නේද? ඊට පස්සෙ හදිස්සියෙම නඩුව ඉල්ලා අස්කර ගත්තෙත් මේ මහතා නේද? දැන් මේ මොකාටද එන්න හදන්නේ!!!

  2. wikcy says:

    mun okkoma horu. rajaye sewakayoda wadak karanne naha.owun karanneda thamange padiya wadi karaganeema pamaniii

Leave a Comment

Main News