විදුලි කප්පාදුව අනිවාර්යයි..

January 22, 2020 at 8:40 am | lanka C news
විදුලි කප්පාදුව අනිවාර්යයි..

ලබන මස අග භාගයේදී සිට විදුලිය කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ කියා සිටිති.

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා දීම නතර කිරීමත් නියගය උත්සන්න වීමත් නිසා මෙම තත්ත්වය මතුවී ඇතැයි ද ඔවුන් සඳහන් කරති.

මේ වන විට පවතින වියළි කාලගුණය මත විදුලි ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මේ තත්ත්වය මත දෛනික විදුලි කප්පාදුවක් සති කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට සිදුවන බවද ඔවුහු පවසති.

කාලගුණ අංශ විසින් අනාවැකි පළකර තිබෙන ආකාරයට වියළි කාලගුණය තවදුරටත් වැඩි වන ලකුණු පහළ වී ඇති නිසා විදුලි කප්පාදුව හැර වෙන විසඳුමක් නැති බවද ඔහු සඳහන් කර සිටිති.

23,570 Viewers

14 Comments to “විදුලි කප්පාදුව අනිවාර්යයි..”

  1. රටවැසි says:

    ශ්‍රී ලංකාව කියන්නේ විශ්වයේ තියෙන පුදුදුදුදුමමම රට . මෙච්චර මයි තියෙන්නේ . ගියමාසෙ ගංවතුර ගලලා රටම යට උනා , ලබන මාසෙ වතුර නැතුව විදුලිය ඇණ හිටෝනවා .

    • සිංහල බණ්ඩා says:

      ගෝටා සර් හරිම ආතල් දැන් හාල් ගනන් එලවලු ගනන්. ඒ අස්සෙ කරන්ට් එකත් කපනවා.

      • ඩපයා says:

        එතකොට පහුගිය ආණ්ඩුවෙන් විදුලිය කැපුවේම නැද්ද? නිකන් පච නොවී හුලයන්පත්තෝ යන්න.

    • ඩපයා says:

      ඒක නං සම්පූර්න ඇත්ත. අනික පුදුමේ කියන්නේ විදුලිය පැය ගානක් කැපුවත් බිලේ නං කිසිම අඩුවක් වෙන්නෙම නැහැ. මොකා ආවත් එච්චර්යී.

  2. පොහොට්ටුවා says:

    මොනවා වුණත් පසුගිය ආණ්ඩුවේ රවියා පාවෙන විදුලිබලාගාරයක් කොහෙන්දෝ ගෙනල්ලා විදුලි කප්පාදුවක් නැතුව රට ගෙන්නිච්චා.

    • ඩපයා says:

      උඹ මැරිලා ඉපදුනාද? පැය 4 – 5 උදේ රෑ දවසට දෙපාරක්ම කැපුවා මතක නැද්ද?

  3. gorilla says:

    අගරදගුරුට කෝල් දීලා විදුලිය ඉල්ල ගමු. ඇයි එතුමා කිව්වනේ සාම්පූර් ඇතුලු ගල් අගුරු බලාගාර හදන්න එපා කියලා

  4. බන්ඩා says:

    විදුලිය ඉල්ලුම වැඩි උනත් යහපාලන රජය පසු ගිය අවුරැදු පහට එකදු බලාගාරයක් හැදුවෙ නැහැ. ඉතින් විදුලිය කපන්න වෙන එකට අලුත් ආණ්ඩුව වග කිව යුතුද?

    • හෙලයා says:

      ඉන්දියානු ණය අධාර යටතේ මහින්ද රජයෙන් හදන්න ලැහැස්ති කර තිබූ මෙවො.500ක ගල් අඟුරු බලාගාරය හදපු නැති එකට රනිල්/සිරිසේන හිරේ යැවිය යුතුය්.

  5. මහනූවර තරුණ හඩ says:

    විදුලි ඉංජිනේරු මාෆියාව ඔන්න වැඩ පටන්ගෙන.පසුගිය දිනවල දෙගොඩතලා ගිය වැසි ජලයට මොකද වූනේ ?? කාලකන්නි ජාතියක් ??

  6. kamal says:

    සිලිකා අපට නැද්ද ඇලුමිනියම් හා පලාස්ටික් අපට එකලාසු කල නොහැකිද ඇයි අපට සුර්ය කෝෂ හදන්න බැරි

  7. rattar says:

    another massive mafia….

  8. 69 ලක්ශේ එකෙක් says:

    දැක්කේ නැ වගේ ඉන්න ඕනේ.

Main News