විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..

February 4, 2020 at 8:40 am | lanka C news
විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට නැවත තීරණය කර ඇති නිසා ඊයේ දිනයේ ආරම්භ කර තිබූ විදුලි අත්හිටුවීමේ සැලැස්ම නවතා දමා ඇත.

ඊයේ දිනයේ අගමැතිවරයා මැතිහත් වී යුගදනවු බලාගාරයට ඉන්ධන සපයා දුන් දුන් බවත් එනිසා මෙගා වොට් 300 ක පමණ ධාරිතාවක් පද්ධතියට එක් කිරීමට හැකි වී ඇතැයිද ලංවිම ඉහල පෙලේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

කෙසේ නමුත් විදුලිබල මණ්ඩලය විසිනි විදුලිය උත්පාදනය කරන සෙසු තාප බලාගාර වලට සංස්ථාව විසින් ඉන්ධන නිකුත් නොකිරීමට තවදුරටත් තීරණය කර ඇතැයි ඔහු සඳහන් කළේය.

ඊට හේතුව විදුලිබල මණ්ඩලය විසින් තෙල් සංස්ථා වෙත ගෙවීමට ඇති බිලියන ගණනක මුදල් නොගෙවීම නිසා බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ තත්ත්වය මත ඉහල ගොස් ඇති විදුලි ඉල්ලුමට ප්‍රමාණවත් උත්පාදනයක් තාප බලාගාරවලින් සිදුකිරීමට නොහැකි වී ඇති නිසා දැන් සිදුවන්නේ විශාල ලෙස ජල විදුලි උත්පාදනය කිරීම බවද ඒ හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය වේගයෙන් අවසන් වන බව ද ඔහු සඳහන් කළේය.

බොහෝ දුරට දෛනික විදුලි ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් විදුලියක් නිපදවීම මාර්තු මාසය පමණ වන විට බරපතල අර්බුදයක් බවත් විදුලි කප්පාදුව නැවතත් ආරම්භ කිරීමට සිදුවනු ඇති බවත් ඔහු කියා සිටියේය.

8,824 Viewers

6 Comments to “විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..”

  1. D.Chamara says:

    පයනකොට විදුලිය කපන්න මොකටද ආණ්ඩුවක් ( කවුද එලෙස පැවසුවේ)

    • බන්ඩා says:

      පසුගිය වසර පහට එකම විදුලි බලාගාරයක් වත් නොහදපු නිසා විදුලිය කපන්න සිදු වූ බව අපි යූඑන්පී ගොන්නුන්ට සහ ජෙපි හැත්තට තේරෙන්නෙ නැහැ.

    • Aurora says:

      ඔබ ඒ කතාව මතක්කළ එක හොඳයි. ආණ්ඩු තියෙන්න ඕන පොදු පහසුකම් සපයන්න. නමුත් යහපාලන නමින් බලයට ආපු අධිකරණයට පොලිසියට බලපෑම් කරමින් බොරු නඩු දාන එකම ප්‍රධාන භූමිකාව කරගත් කාලකන්ණි ආණ්ඩුවක් අවුරුදු 4 1/2 තිස්සේ එක මෙගාවොට් එකකින්වත් විදුලි ජනන ධාරිතාවය වැඩි නොකළ නිසා අද මුළු රටටම යහපාලන ශාපය තව දුරටත් විඳවන්න වෙලා තියනවා. මේ රටේ මිනිස්සුන්ට කියන්න තියෙන්නේ “බලන් කඩතුරා හැර දෑසේ” කියලයි.රතු, කොළ කඩතුරා නැතිව.

  2. Hudson says:

    Dan shapada…… 69 baiyo…..

    • වෙන්ඩ ආර්‍යාව says:

      අවුරුදු 5 ට එක මෙගාවොට් එකක් අලුතින් එකතුකරපු නැති, ඉන්නකල් රටම හප කරපු ලක්ෂ 42 ගොන්නු ටික දැන් බලයෙ හිටියනම් හඳෙන් විදුලිය අරන් දෙනවද?

  3. බිල්ල says:

    මේ වගේ ගොන් කථා අහගෙන ඉන්න වර්ගයේ මෝඩයෝ තමයි 3% ඇතුලේ ඉන්නේ.

Main News