විදුලි කප්පාදුව 10 වැනිදා අවසන්..- විදුලි ඇමති හෙලි කරයි..
April 6, 2019 at 12:00 pm | lanka C news
මෙම අපේ‍්‍රල් මස 10 වැනිදා සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමති රවි කරුණානායක මහතා පවසයි.
කෙසේ වෙතත් දීර්ඝකාලීනව මෙම ප්රශ්නය විසදන තෙක් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැයිද ඔහු ඉල්ලා සිටී.
මෙගාවොට් 500ක පමණ ප්‍රමාණයක් කෙටි කාලීනව සපයාගැනීම ගැන මුල් පියවරේදී සාකච්චා කරන බවත් දෙවනුව අලුත්වැඩියා කල යුතු බලාගාර නිසි පරිදි ක්‍රියාකාරී තත්වයට පත් කිරීමත් දීර්ඝ කාලීන සැලැස්ම ලෙස මෙගා වොට් 3000-3500 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කිරිමට වැඩපිලිවෙලක් සාදන බවද ඔහු සදහන් කලේය.
කැලණිතිස්ස බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකය එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
anthimata R goda giya
විදුලි බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ අලුත් අවුරුද්දට පෙර විදුලි කප්පාදුව නතර කරන බවය. අවුරුදු අටකින් බලාගාරයක් ඉදිනොකර, දින 10කින් විදුලි අර්බුදය නැති කළ හැකිදැයි ප්‍රශ්න කළ යුත්තේ ජනතාවය. නමුත් ජනතාවට එවැනි ජාතික ප්‍රශ්නවලින් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමටය. විදුලි බල මණ්ඩලය ඩීසල් බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල් 30ට මිලදී ගෙන ජනතාවට 16ට විකුණා මණ්ඩලය විදුලි ඒකකයකින් රුපියල් 14ක් පාඩු ලබන බව ජනතාව දන්නේ නැත. මෙම දූෂිත ගනුදෙනුවල වාර්ෂික අලාභය රුපියල් කෝටි හාරදහස් පන්සියයක් පමණ වන බවත්, එම පාඩුව බදු මගින් ජනතාවගෙන්ම අය කරගන්නා බව ඔවුන් දන්නේ නැත. මහ බැංකු දත්ත සැසඳීමේදී රටේ ඒක පුද්ගල ණය ප්‍රතිශතය 54%කින් ඉහළ යද්දී ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් ඇත්තේ 31%කිනි. සමස්ත රාජ්‍ය ණය ප්‍රතිශතය 61%කින් ඉහළ යද්දී දළ දේශීය ආදායම ඉහළ ගොස් ඇත්තේ 35%කිනි. විදුලි බල මණ්ඩලය ඩීසල් බලාගාර සමඟ සූදු කෙළිමින් සිටින්නේ රට මෙලෙස හිඟන ආර්ථිකයක් කරා ගමන් කරමින් තිබියදීය.
This is the best comment. Thanks
අප්‍රේල් 10, 2019 යනු ලන්කාවට අමතක නොවන දිනයකි.මන්දයත් එදායින් පසු මතු කිසිම දිනෙක එක තත්පරයක් හෝ මේ රටට විදුලිය කැපූ දිනයක් උදා නොවන නිසාය
මින්මතු 2019 අප්‍රේල් 10 දිනසිට ඉපදෙන කිසිදු දරුවෙකුට “ලයිට් කපනවා “යනු කුමක්දැයි අත්දැකීමක් ලැබීමට අවස්තාවක් නොමැති වේ.ලයිට් කපනවා යන වචන ඉතිහාසයට පමනක් ඉතිරි කොට මකාදමා මහජනයා අමන්දානන්දයට පත්කර ඝරු බුහුමන්ලබා ගැනීමට යන්නේ වෙන කිසිවෙක් නොව ඝරු රවී කරුණානායකයානන්මය. ඇමතිඋතුමෙණ් ඔබට ජය…
මෙතෙක් පහලවූ දක්ෂතම විදුලිය ඇමැතානෙනි..
මහා නියමුවානෙනි…
මහා වල්ලඹයානෙනි.. ඔබට ජය. අපේ අනාගත ජනපතිතුමනි ඔබ අපේ