විදුලි-ජල ගාස්තු ඉහලට…?

December 23, 2021 at 11:20 am | lanka C news
විදුලි-ජල ගාස්තු ඉහලට…?

විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ සාකච්ඡාවක් ඇතිවී තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග මෙම තත්වය ඇති වී තිබෙන අතර සපුගස්කන්ද පිරිපහදුව දැවි තෙල් නිෂ්පාදනය අවන් වීමත් මීට බලපා ඇත.

කෙසේ වෙතත් විදුලිය ගාස්තු වැඩි කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැත.

මේ අතර ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදුකළ හොත් ජල ගාස්තු ඉහල දැමීමට අවධානය යොමු කළ යුතුව ඇති බවයි.

අඩු පරිභෝජනය සිදු කරන පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩි නොකර ඉහළ පරිභෝජනය සිදු කරන අයගේ ගාස්තු ඉහල දැමීමට එහිදී අවධානයක් යොමුකරන බවද ඔහු සඳහන් කළේය.

34,564 views

One Comment to “විදුලි-ජල ගාස්තු ඉහලට…?”

  1. Sumanasiri says:

    226 ekekutawath kisi deyak nomile denna epa rata hedeyi paule okkomala panuwo wela kamburanna okkma nikan gannawa cancer hedila merenawa sure. sURE meata pala karanne nehe

Main News