විදුලි බිලට විරෝධය.. සියළු පන්සල් පෝය දිනට ලයිට් නිවා විරෝධතාවක.. නිවන් මග නොපෙන්වයි..

September 19, 2022 at 8:40 am | lanka C news
විදුලි බිලට විරෝධය.. සියළු පන්සල් පෝය දිනට ලයිට් නිවා විරෝධතාවක.. නිවන් මග නොපෙන්වයි..

ආගමික ස්ථාන වල විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් එළඹෙන පුරපසළොස්වක පොහොය දින රට පුරා සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා විරෝධය දැක්විය යුතු බවට මධ්‍යම පළාත් මහා සංඝ සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මේ සදහා දායක සභාවන්ද එක් කර ගත යුතු බවද ඉදිරිපත් වූ යෝජනාවේ සදහන් විය.

මද්‍යම පළාත් සංඝ සභාව ඊයේ දින රැස්වූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය ගලහ සිරිසාන්ත හිමියෝ මෙසේ පැවසූහ.

‘පන්සල්වල තිබුණ විදුලි බිල පස් හය ගුණයකින් ඉහළ ගොස් තියෙනවා. මගේ පන්සලේ විදුලි බිල මේ වෙද්දි රු 60,000ක් වෙලා තියෙනවා. විශේෂයෙන් ඉදිරියේ තියෙන්නේ කඨින චීවර පිංකම් කාලය. වෙසක් පොසොන් වගේ කාලවල පන්සල් අඳුරේ තැබීමේ කුමන්ත්‍රණයක් ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට බලවත් සැකයක් තියෙනවා. පවතින තත්ත්වය උඩ ඉදිරියේ දී පන්සලක ලයිට් එකක් දාන්න වෙන්නේ නෑ. අද යෝජනාවක් කරනවා අපි ඉදිරියේ දී එන පොහොය දිනයේ දී අපි සියලුම පන්සල්වල විදුලිය නිවලා පන්සල් අඳුරේ තබලා දායකයන් සමග මෙයට විරෝධය පළ කරන්න කියලා අපි යෝජනා කරනවා. ඉදිරියේ දී රට පුරාම විශේෂ මැදිහත්වීමකින් මේ පිළිබඳ ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා’

26,127 views

51 Comments to “විදුලි බිලට විරෝධය.. සියළු පන්සල් පෝය දිනට ලයිට් නිවා විරෝධතාවක.. නිවන් මග නොපෙන්වයි..”

  1. Juanis Perera says:

    Stop the noise too – PERFECT.
    People around can live in peace.

  2. Sam says:

    බෝලට පින් කැට තියන්නේ BMW ගන්න නෙවේ. හොර තට්ටයෝ

  3. Dehiwala kollaa says:

    කන්න බොන්න නාන්න අඳින්න බෙහෙත් බැංකොක් චාරිකා සියල්ල පිනට කාලා මිනිසුන් ගේ අමරුව නොදන්න රටට සත පහක වැඩක් නැති සුදු අලින්ට මැච් බලන්න​, ඒ සී දාන්න​, කොම් පියුටර් ගේම් ගහන්න , වීඩියෝ බලන්න ඕන නම් විදුලිය ඉතිරි කරගෙන කලුවරේ හිටපල්ලා. ධර් මාවලෝකයෙන් බැබලියල්ලා.

  4. Boo says:

    දැන් මුංගෙයි සාමාන්‍ය මිනිස්සුන්ගෙයි ක්‍රිය පටිපාටියේ වෙනස මොකක්ද ආයිබොවං?

  5. Lalla says:

    බුදුහාමුදුරුවෝ නිවන කියල දුන්නේ ලයිට් දාලලු.

  6. country man says:

    Did the Buddhist religious places used electricity during the time of LORD BUDDHA? During those days the priest behaved correctly and they were not involved in politics either. The problem today is, they are being spoilet by the politicians for personal benefits. The religious places should not use excess electricity, this way there will be less noise and peace around. These priests think that they control the country.

  7. Susantha says:

    ඈයි දන්නෑ, පෝයට විතරක්.

  8. පොඩි එකා says:

    අනේ සාදු.
    අර හක්කෙ බුලත් හපේ ගහගෙන කෑ ගහන එකාගෙ පීකරේත් වහලා දාපියල්ලා කණක් ඇහිලා ඉන්ඩ.

    (තම්බියාගෙ පීකරේ විනාඩි පහයි කෑගහන්නෙ. ඒකෙ කනේ ඇඟිල්ල ගහං ඉඳලා හරි බේරෙන්ඩ පුලුවං.)

    ශ්‍රී සම්බුද්ධ භාෂිතය ට නිගා කරනවා මේ ගනගෙඩි හැත්ත, හක්කෙ බුලත් ගහගෙන රෝ….රෝ….රට්ටට්ටෝ….ගගා.

    යකෝ ඕවා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මුවින් වදාළ දේශනා. කැත කර කර ගිරිය යටිං කෑගහගෙන මිනිස්සු ට වද දෙන්නෙ, තොපි මොන අපායක යන්ඩද?

    බුදුන් වහන්සේ කිව්වා ද පන්සලට ලයිට් ගනිං කියලා

  9. Kandy Whip says:

    Only poor temples can say they are not in a position to pay but temples which have luxuries vehicles cannot say this. First sell those cars and use that money to pay for electricity.

  10. David Milli-banda says:

    රට පුරා සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා Bana kiyanna.
    Apitath oya mullaka ta wela somiya ganna puluwan ne.

    Paththarare hilak ha samanai muge salli keta wala.

Leave a Comment

Main News