විදුලි බිල නැංවීමට විරුද්ධව විහාරස්ථානවල විදුලි පහන් නොදල්වා සීටීමේ තීරණය ඉතාම යෝග්‍යයි..

September 23, 2022 at 10:40 am | lanka C news
විදුලි බිල නැංවීමට විරුද්ධව විහාරස්ථානවල විදුලි පහන් නොදල්වා සීටීමේ තීරණය ඉතාම යෝග්‍යයි..

විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරුද්ධව විහාරස්ථානවල විදුලි පහන් නොදල්වා රාත්‍රී කාලයේ අඳුරු තැබීමට ගෙන ඇති තීරණය මෙම අවස්ථාවේදී යෝග්‍ය තීරණයක් යයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ අඩු විදුලි පරිභෝජනයක් සහිත විහාරස්ථාන සියල්ලම පාහේ නිසි කලට විදුලි බිල ගෙවා දමන බවයි.

නමුත් ඉහල විදුලි පරිභෝජනයක් ඇති විහාරස්ථාන බොහෝමයක බිල්පත් ගෙවීමේදී ප්‍රමාදයන් සිදුව ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

විදුලි බිල ඉහළ නැංවීම සිදු කළ ලද්දේ විදුලිබල මණ්ඩලයේ පැවැත්ම වෙනුවෙන් මෙන්ම ජනතාවට විදුලි බලය ලබා දීම සදහා බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

34,311 views

13 Comments to “විදුලි බිල නැංවීමට විරුද්ධව විහාරස්ථානවල විදුලි පහන් නොදල්වා සීටීමේ තීරණය ඉතාම යෝග්‍යයි..”

  1. Helaya says:

    ලන්කාවෙ මෙි සෙල්ලම අවුරැදු ගානක සිට කෙරීගන යනව, ගිය සතියේ කදුකරයට අධික වර්ශාව ජලාශ පිරී ඉතිරීී ගිහින් , දවස් 10 ක් යනකොට ආයි ලයිටි කැපිල්ල.
    ඔය ජලාශ මඩ වලින් පිරිලද, නොරෙචිචෝලෙ හැමදාම කැඩිල,එහෙම වෙන්නෙ ඇයි කියල කවුරැ හරි හොයල බලනවද.සමහර විට මෙිව පිටුපස කොමිස් ගහන්නො ඉන්නවද.මෙිවට වගකියන්නෙ කවුද .ඒගොල්ලො කියනව මහජනයා අහගන ඉන්නව..ලන්කාවෙ ආයතන වලින්වන වැරදි සොයා බැලීමට පත් කරන පරීක්ෂණ ,කොමිෂන් වලට මොකද වෙන්නෙ. මසයක් ගිය විට සියලුදේ අමතකයි. විපක්ෂයවත් මාධ්‍යවත් කිසිම සොයාබැලීමක් නැහැ .මෙිව තවදුරටත් මෙසේ වියයුතුද.මෙිවා පිළිබදව සමාජයේ යමිකිසි සාකචිචාවක් කලයුතු කාලය එලෙබ ඇත.

    • ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

      අපි මේ තත්වෙට වැටෙන්න වගකියන්න ඕනෙ දේශපාලනය කරන උන් විතරක් නෙමෙයි දේශපාලකයන් අපේ රටට කෙලිගෙ 20%යි. 80%ක්ම වගකියන්න ඕනෙ රාජ්‍යය නිලධාරීන්.වාරිමාර්ගෙ ඉන්ජිනේරුවො කරන්න පොඩ්ඩක් වැස්ස ගමන් වාන් දොරටු අරිනව ඉතින් දවස් 10ක් යනකොට විදුලියට වතුර නැහැ .ඊඉට පස්සෙ වැඩේ තියෙන්නෙ විදුලි ඉන්ජිනේරුවො අතේ. අර ගවපට්ටියේ 225ම එක පවුලක් වගේ මේ රාජ්‍යය නිලදාරිනුත් එකම ජාලයක් උන් මුන්ගෙ පිට කසනවමුන් උන්ගෙ පිටකසනව.

    • ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

      අපි මේ තත්වෙට වැටෙන්න වගකියන්න ඕනෙ දේශපාලනය කරන උන් විතරක් නෙමෙයි දේශපාලකයන් අපේ රටට කෙලිගෙ 20%යි. 80%ක්ම වගකියන්න ඕනෙ රාජ්‍යය නිලධාරීන්.වාරිමාර්ගෙ ඉන්ජිනේරුවො කරන්න පොඩ්ඩක් වැස්ස ගමන් වාන් දොරටු අරිනව ඉතින් දවස් 10ක් යනකොට විදුලියට වතුර නැහැ .ඊඉට පස්සෙ වැඩේ තියෙන්නෙ විදුලි ඉන්ජිනේරුවො අතේ. අර ගවපට්ටියේ 225ම එක පවුලක් වගේ මේ රාජ්‍යය නිලදාරිනුත් එකම ජාලයක් උන් මුන්ගෙ පිට කසනවමුන් උන්ගෙ පිටකසනව. මුන්ගැන ලියනවනම්හරියට ඒකට සිංහල බාශාවෙ වචන අලුතෙන් හදන්න ඕනෙ

  2. බුදුන් වහන්සේ ඉහලින්ම අගය කළ අල්පේච්ඡ තාවයත්, පාද චාරිකාවේ යෙදී ධර්ම ප්‍රචාරයත්, පිණ්ඩපාතයෙන් යැපීමත් මේ මහේෂාක්‍ය උන්නාන්සේලා ට අසන්නට ලැබේවා..

  3. ගොඩයා says:

    හැමදාම ගොන් කතා කියන මූ අද නම් හොඳ එකක් කියලා.

  4. Science says:

    පෘතග්ජන භික්ශූන් කරණ වැඩ නිසා,මාර්ගපල ලාභී සoඝයාට බනින්න එපා.

    සිවුරු දා ගත් පෘතග්ජනයෝ = භික්ශු
    සිවුරු දා ගත් මාර්ග පල ලාභීන් = සoඝ

  5. දායකයා says:

    A. C. ත් ඕෆ් කරනවද හාමුදුරුවනේ…..

  6. Banda says:

    මණ්ඩලේ ඇතුලෙ ඉඳන් හොරා කන එවුන්, මාෆියා කාරයෝ ටිකත් අල්ලලා එලියට දැම්ම නම් හොඳයි නේද? නම තියාගන්න ඕනෙ නම් එහෙම වැඩක් කරන්න

  7. දායක සභාව සහ කුළඟන සමිතිය says:

    හාමුදුරුවරුන්ට ලවුඩ්ස්පීකර් – බෆල් නැතිව නින්ද යන්නෙ නෑ..

    • මොහොඩයා says:

      පොඩි හාමුදුරුවන්ව දූශණය කරද්දි කෑගහනවනෙ
      ඒ සද්දෙ ඇහෙන එක අඩු කරන්නයි සද්දෙට පිරිත් දාන්නෙ

  8. Saleem says:

    විදුලි බිල වැඩි කිරීම මරණ මංචකයේ සිටින බුද්ධාගමේ ගෙල මිරිකීමක්. විදුලිය නැත්තං අද ලංකාවේ බුද්ධාගමක් නෑ (ලෝකෙ වෙන කොතනකවත් බුද්ධාගමක් කියල දෙයක් කෙහොමටත් නෑහැ) ශද්දෙට දාන බණ සහ තොරන් වගෙ දේවලින් තමා ඔය ආගම නාම මාත්‍රයෙන් හරි තියෙන්නෙ. බුද්ධාගම ලවූඩ්ස්පීකර්වල. බෞද්ධයො තැබෑරුම්වල.

    • DOC says:

      බුදු දහම විකුණන් කන බුජ්ජාගම ටිකක් අඩු වුනොත් සත්‍ය දහම ටිකක් මතු වෙලා එයි.

      පෘතග්ජන භික්ශූන් දහම නොදන්නා නිසා තමන්ගෙ පැවැත්මට වෙනම පුද පූජා සoස්කෘතියක් පවත්වාගෙන යනවා. ඒකෙන් බුදු දහම වැහිලා තියෙන්නෙ.

      • Sasrasi says:

        👍👍ඒක හරි . දානය විතරයි තියෙන්නේ වගේ , දහම මිනිසුන්ට දෙන්න ඕන කමක් නෑ .

Leave a Comment

Main News