විදුලි බිල නැංවීමෙන් ආගමික ස්ථානවලට බරපතලයි….

September 22, 2022 at 6:20 pm | lanka C news
විදුලි බිල නැංවීමෙන් ආගමික ස්ථානවලට බරපතලයි….

අද වන විට විදුලි බිල දරා ගත දරාගත නොහැකි තරම් ඉහල ගොස් ඇති බවත්,මේ සම්බන්ධව සමාජය තුළ පීඩනයක් හට ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විශේෂයෙන්ම ආගමික නායකයින් පිරිසක් තමන් මුණගැසුණු බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ සම්බන්ධයෙන් ආගමික ස්ථාන මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය බරපතළ බව ද පැවසීය.

රට බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති නමුත්, විධිමත්ව සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ප්‍රභවයන් මෙරට අත්‍යවශ්‍ය ස්ථාන සඳහා ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබා ගත හැකි බව ද විපක්ෂ නායකතුමා සිහිපත් කළේය.

එහෙත් ආණ්ඩුවට ඒ පිළිබඳව වැඩ පිළිවෙලක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට ආණ්ඩුව සිද්ධ කරන්නේ ආගමික නායකයින් ඇතුළු පිරිස් විවේචනය කිරීම බවද පැවසීය.

පවත්නා තත්වය යටතේ ජනතාවාදී, ජනතා කේන්ද්‍රිය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට යා යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, නමුත් අද සිදුව ඇත්තේ ලබා දිය හැකි සහන වත් ලබා නොදෙමින් ජනතාව මත බර පැටවීම බවය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි

– Media unit

9,849 views

14 Comments to “විදුලි බිල නැංවීමෙන් ආගමික ස්ථානවලට බරපතලයි….”

  1. sajiputha says:

    තෝ හොරාකාපු සංස්කෘතික අරමුදලේ මුදල් දීපන් පන්සල් වල ලයිට් බිල ගෙවන්න. රුපියල් කෝටි ගානක් තෝ හොරා කෑවා මතක නැද්ද?

Leave a Comment

Main News