විදුලි බිල වැඩි නිසා බෝධිය වටේ පහන් පත්තු කරගෙන බෝධි පූජා තියන්න..- පොහොට්ටු ලේකම්

September 21, 2022 at 12:02 am | lanka C news
විදුලි බිල වැඩි නිසා බෝධිය වටේ පහන් පත්තු කරගෙන බෝධි පූජා තියන්න..- පොහොට්ටු ලේකම්

විදුලි ගාස්තු වැඩි කිරීම හේතුවෙන් බෞද්ධ සිද්ධස්ථාන වල යම් විරෝධයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

මෙම අසීරු කාලය රට වෙනුවෙන් මඳක් ඉවසන ලෙස තමන් ඉල්ලීමක් කරන බවද පැවසූ ඔහු එතෙක් බෝධි පූජාවන් වැනි දේ බෝධිය වටේ පහන් ටිකක් දල්වාගෙන හෝ සිදු කරන ලෙස සිදු කරන්නැයිද ඉල්ලා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් හෙතෙම මේ අදහස් පල කලේය.

“මම දැක්කා විදුලි බිල වැඩි කිරීම ගැන පහුගිය දවස්වල ලොකු කළබගෑනියක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේලාගේත් ලොකු විරෝධයක් තියෙනවා, පන්සල්වල විදුලිබිල වැඩිවෙලා කියලා,

ඉතා ගෞරවයෙන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපේ හාමුදුරුවනේ මේ දේ කැමැත්තෙන් රජය විසින් කරන දෙයක් නෙමෙයි.

ඉතින් අපි බෝධි පූජාව කරන වෙලාවට ඉස්සර වගේ පන්සලේ බෝධිය වටේ පහන් ටිකක් පත්තු කරලා අපි බෝධි පූජාව කරමු. ආයිත් අපිට පුළුවන් වෙයි නුදුරු අනාගතයේදී ලස්සනට විදුලි ආලෝකයෙන් ඒ දේ කරන්න.

එතකල් අපි පොඩ්ඩක් රට වෙනුවෙන් ඉවසමු කියන ඉල්ලීම කරනවා.”

16,069 views

13 Comments to “විදුලි බිල වැඩි නිසා බෝධිය වටේ පහන් පත්තු කරගෙන බෝධි පූජා තියන්න..- පොහොට්ටු ලේකම්”

  1. lalindra says:

    එතකොට හරකෝ පොල්තෙල් වලට ගෙවන්නේ තොපේ මහින්දයි කපුටයි හොරකම් කරපු ඒවායින්ද. එකත් නාමල් වගේ විබාගේ ලියලා ලෝයර් කෙනෙක් වෙච්ච එකෙක් වෙන්න ඕනේ . කොහොම වෙතත් පන්සල් බහුතරේ පොහොට්ටුවට කඩේ ගිය නිසා උන්වහන්සේලා මේක දිට්ට දැම්ම වේදනීය කරුමයක් විදිහට අවබෝධ කර ගන්න එක හොදයි

  2. Pronto says:

    ඔන්න විදුලි බිල අඩුකරන ක්රම සහ විධි.නියම MOLAYAK!!!

  3. Sasrasi says:

    ඒක හරි. රටේ හැමෝම ඉවසන එකේ.

Leave a Comment