විදුලි බුබුළු 50%ක් නිවා දමන්නැයි දැනුම් දේ…

January 19, 2022 at 3:50 pm | lanka C news
විදුලි බුබුළු 50%ක් නිවා දමන්නැයි දැනුම් දේ…

පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සියල්ලේම දිවාකාලයේදී විදුලි බුබුළු භාවිතය 50% කින් අවම කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

රට තුළ පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව අමාත්‍යවරයා පැවසීය.

විදුලි අර්බුදයක් ඇති නිසා විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා සෑම රාජ්‍ය ආයතනයක් මෙන්ම පෞද්ගලික ආයතන විසින් ද විදුලිබලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කළ යුතු බවද ඔහු සදහන් කලේය.

15,806 views

10 Comments to “විදුලි බුබුළු 50%ක් නිවා දමන්නැයි දැනුම් දේ…”

  1. චන්ද දායක says:

    ඇමතිතුමාගෙ ගෙදර ?

    • SL says:

      හොඳ යෝජනාවක්. ඉස්සර නියන් කාලයේ රටේ ජල පරිභෝජන ගැන රුපවාහිනී දැන්වීම් ගියා, මිනිස්සු අරපිරිමහගෙන ජලය ,විදුලිය ඉතිරි කළා.

      ඒ මොනා වුනත් පාලකයින් ගේ ආතල් අඩු කරන එක නවත්වල දෙන ආදර්ශය තවම වෙලා නැහැ.

      රට ගියපු මන්ත්‍රී ලට ඩොලර් දුන්නේ කොහෙන්ද, ඩොලර් එයාලගෙම ඉපයීම් ද ? කුරුණෑගල පාර හදල නටපු නාඩගම , අපිත් highway හදනවා දැකල තියෙනවා. අද හවස වහල තිබ්බු පාර අනිත් දවසේ කවුරුවත් නැතිවම වාහන වලට විවුර්ත වෙලා තියෙන රට වල අපි ජීවත් වෙලා තියෙනවා , පාලකයාගේ උත්වකාරි ආතල් නැවැත්විය යුතුයි.

  2. අපි රටක් ලෙස හිතමු says:

    රාජ්‍ය ආයතන 3.30ට වහලා දාන්න උපදෙස් දෙන්න (3.30 පස්සේ එකෙක් වත් වැඩ කරන්නේ නෑ ). OT තහනම් කරන්න. තනි තනිව වැඩට වාහන වලින් එන අයට අනිකුත් ය සමඟ හවුලේ එන ලෙස දිරිමත් කරන්න. වායු සමීකරණ භාවිතය හැකිතාක් අඩු කරන්න. තම කාමරයෙන් එලියට යනවිට විදුලි බුබුළු නිවා දැමීමට උපදෙස් දෙන්න. නිවාසවල විදුලි බිල 10% අඩු කරන අය සඳහා වට්ටමක් දෙන්න. මෙකි නොකී හැම මගුලම කරලා විදුලිය භාවිතය මේ සමයේ අඩු කරන්න. දේශපාලනය පසෙකින් තබා අපි රටක් ලෙස හිතමු.

  3. harsha says:

    දිවා කාලයේ විදුලිය සැපයීම දැනට අර්බුදයක් වෙලා නෑ.

  4. Darshana abayakoon says:

    අනිවාර්යෙන්ම මේ අසීරු අවස්තාවේ 50%ක් නෙවෙයි 100%ක් හරි නිවලා අති ගරු ජනාදිපති තුමා ඇතුලු රජයට සහය දෙන්න ඔනේ. අති ගරු ජනාදිපති තුමාගේ දැක්ම පුනර්ජනනීය විදුලි ප්‍රභවයන් සදහා ශ්‍රි ලංකාව යොමු කරන එක. එතුම ඊයෙ රාජාසන කතාවෙදි එතුමගෙ දැක්ම විශිෂ්ට ලෙස පැහැදිලි කරා. ලාන්කික පුර වැසියො විදුලි කාර් වල යන දවස වැඩි ඈතක ඒ සිහිනය සැබෑ කර ගන්න නම් ලයිට් එකක් නිවලා අති ගරු ජනාදිපති තුමාට සහය දක්වමු.

    • මචං says:

      මචං මේ සිරාවටම ද කියන්නෙ ? නැතුව නක්කලේටද ? දෙකටම ගැලපෙනවා.

    • Jagath says:

      ඒක කථාවක් ද? අදෝනාවක්‌ ද?.

  5. Martial Law says:

    බලය සඳහා කුලල් කා ගනිමින් ඉන්න සජබ,ජවිපෙ, පොහොට්ටු, ශ්‍රීලනිප නරුම අවස්ථාවාදීන් 225 වෙතයි.
    වහාම නගරවල බොරු සෝබනයට දැල්වෙන ලක්ෂ සංඛ්‍යාත දැන්වීම් පුවරු, පන්සල් පල්ලි දේවාල කෝවිල් වල මෙලොවටයි එලොවටයි නැතිව දැල්වෙන විදුලි පහන් නිවා දමන්නට අදාල තකතිරු බලධාරීන්ට සහ තකතීරු පූජක හැත්තට නියොග නිකුත් කරනු.රාත්‍රී 7න් පසු ගොබ්බ රියැලිටි ෂෝ සහ ටෙලිනාට්‍ය පඩංගු සමගම සියලු රූපවාහිනී විකාශන නවතා දමනු. .එමගින් විශාල විදුලිය නාස්තියක් ඉතිරි කරගත හැක.තවද අධික ඉන්ධන පරිභෝජනයක් ඇති බොරු සෝබන මොන්ටෙරෝ, පැජරෝ, ඩෙෆෙන්ඩර්, V8 වැනි එන්ජින් ධාරිතාව ඉහල වාහන ධාවනය තහනම් කරනු..නැතිනම් වින්ස්ක්‍රීන් කුඩු වන්නට ගල් ගසා එලවා දමනු.මේ පියවර කීපයෙන් පමණක් අනිවාරතේ සිදුවන දැවැන්ත විදුලිය සහ ඉන්ධන විනාශයක් වලක්වා ගත හැක.

  6. COOL says:

    සමහර පාරවල් වල සමහර ගෙවල් වලට එන පාරවල් වල ලයිට් පැය 24ම පත්තු වෙනවා,මෙයට පියවරක් ගන්න

  7. John the baptice says:

    ලෝකයේ තව එකම රටකින්වත් මේ අදෝනාව ඇසෙන්නේ නැහැ මුන් ලැජ්ජා වෙන්න ඕනේ

Main News