විදුලි වාහන බදු සහනයෙන් අර්බුදය ඩබල් වෙයි.. පරිසර හානිය තවත් ඉහලට..

November 10, 2017 at 10:40 am | lanka C news
විදුලි වාහන බදු සහනයෙන් අර්බුදය ඩබල් වෙයි.. පරිසර හානිය තවත් ඉහලට..

විදුලියෙන් ධාවනය වන වාහන සඳහා බදු සහන ඉගුරු දී මිරිස් ගැනීමක් යයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

විදුලියෙන් ධාවනය වන වාහන සඳහා බදු සහන ඉගුරු දී මිරිස් ගැනීමකි

පරිසරය ආරක්ෂා කිරීමේ අරමුනින් විදුලි බලයෙන් ධාවනය වන වාහන හා ත්‍රීරෝද රථ සදහා රජය විශේෂ බදු සහන දීමට 2018 අයවැය යෝජනාවලිය පියවර ගෙන තිබේ.

මේ අනුව ඉදිරියෙ දී ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතිය මත විශාල ඉල්ලුම ඉහලයෑමක් සිදුවනු ඇත. ඒ මේ සියලුම වාහන රාත්‍රී කාලයෙ දී විදුලි පද්ධතියට සම්බන්ධ වීමක් සිදුවන නිසාය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්වයට අනුව විදුලිබල පද්ධතියේ ඉල්ලුමෙන් වැඩි ප්‍රතිශතයක් සැපයෙන්නේ ඩීසල් ඉන්ධන භාවිතය ඇසුරෙනි. එම වර්ගයේ ඉන්ධන භාවිතය හරහා සිදුවන පරිසර හානිය ඉතාමත් දරුණුය.

රට තුල කැලිකසල කලමනාකරණයක් නොමැති තත්වයක මෙම වාහන වලින් ඉවතලන විෂ රසායන සහිත බැටරි නිෂ්කාශනය සඳහා ද විදිමත් ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් ඉන් පරිසරයට විශාල බලපෑමක් සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව පැහැදිලි විදුලිබල අර්බූදයක් කරා ගමන් ගන්නා මෙවෙන් කාල වකවානුවක මෙම යෝජනා තුලින් සිදුවන්නේ රාත්‍රි කාලයෙ දී විදුලි කප්පාදු කිරීමක් හෝ විදුලි මිල ඉහල යෑමක් කිරීමට මංපෙත් විවර කිරීමකී.

තවත් ප්‍රෝඩාවක් තුලින් ඉගුරු දී මිරිස් ගැනීමට රටේ මහජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව දන්නවා සිටිමු.

එසේ නොවේනම් ඒ පිලිබඳව රටේ මහජනතාවට ලිඛිත පොරොන්දුවක් ලබාදීමට කටයුතු කරන මෙන් අදාළ බලධාරීන්ට හා ඇමතිවරුන්ට නියෝග කරන ලෙස අපි ඔබෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමූ.

චිරන්ත අමරසිංහ
සභාපති
සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

209 views

15 Comments to “විදුලි වාහන බදු සහනයෙන් අර්බුදය ඩබල් වෙයි.. පරිසර හානිය තවත් ඉහලට..”

  1. silva says:

    baya wenna deyak naha me kiyana ewa munta karanna wenne naha ..mun inne thawa awurudu dekai..e nisa api kalabala wenna oni naha

  2. සිරි says:

    බොහෝ රටවල්වල රාත්‍රියට විදුලි පරිභෝජනය දහවලට වඩා අඩුයි. යුරෝපයේ ගොඩක් රටවල් වල තියෙනවා Economy 7 කියලා ක්‍රමයක්, එකෙන් කරන්නේ විදුලි පරිභෝජනය අඩු රාත්‍රී 12:00 වගේ ඉඳලා උදේ 07:00 වෙනකන් වගේ පැය 7 ක කාලයක් අඩු මිලට විදුලිය සැපයීම. අනික සූර්ය විදුලියට අවශ්‍යවන්නේ දහවල පමණයි (හිරු එළිය) සූර්ය තාපය අවශ්‍ය නැහැ.

    ඩීසල් වලින් සිදුවෙන විනාසය ගැන කතා කරන අයට mini hydro මාෆියාවෙන් රටට වෙන හානිය පෙන්නේ නැති එක කණගාටුවක්.

    අපේ රටට අවශ්‍ය වෙන්නේ ආකල්පමය වෙනසක් සමග ක්‍රමවෙදයේත් වෙනසක්.

    උදාහරණයකට කියනවනම්, බ්‍රිතාන්‍යයේ විදුලි මෝටර් රථයකට ආණ්ඩුවෙන් පවුම් 4,500 වට්ටමක් දෙනවා ගන්නකොටම, තව පවුම් 35,000 වෙනකන් පොලී රහිත නායක දෙනවා අවුරුදු 6 න් ගෙවන්න. Fast Charge Point එකක් ගෙදර හයි කරනවානම් තව පවුම් 1,000 දෙනවා ආපසු නොගෙවන්න. පොදු charging points ගොඩක් ඒවා නොමිලේ එහෙම නැත්නම් බොහොම අඩු මුදලක් අයකරන්නේ.

Main News