විදුලි සේවක වර්ජනයට එරෙහිව හමුදාව කැදවයි.. තෙල් සේවක පන්නයේ විසදුම සූදානම්..
September 16, 2017 at 12:00 pm | lanka C news
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලි සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් හමුදාව යොදවා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට රජය තීරණය කර ඇත.
ඊට අමතරව විශ්රාමික ලංවිම සේවකයින්ද නැවත සේවයට කැදවා තිබේ.
සේවයට වාර්තා කරන සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියද යෙදවීමට කටයුතු කර ඇත.
මීට පෙර තෙල් සංස්ථා සේවක වැඩ වර්ජනයේදීද යුද හමුදාව යොදා තෙල් බෙදීම සිදු කරනු ලැබීය.