විදුහල්පතිගෙන් වන්දවා ගත් ඌව මහ ඇමතිට ඇප ලැබේ..

January 23, 2018 at 3:00 pm | lanka C news
විදුහල්පතිගෙන් වන්දවා ගත් ඌව මහ ඇමතිට ඇප ලැබේ..

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

මහ ඇමතිවරයා මුදා හරිනු ලැබුවේ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මතයි.

බදුල්ල දෙමල මහා විදුහලේ විදුහල්පතිනිය සිය නිල නිවසට කැදවා තමනට දණ ගස්වා වන්දවා ගත්තේ යයි ඇය විසින් කරන ලද පැමිණිල්ලක් මත හේතුවෙන් මහ ඇමතිවරයා නීතීඥයෙකු මාර්ගයෙන් අද පෙරවරුවේ පොලීසියට බාර විය.

උසාවිය අවට ප‍්‍රදේශය අද දිනයේ දැඩි ලෙස ආරක්‍ෂාව තර කර තිබින.

මහ ඇමතිවරයාට විරුද්දව පසුගිය දින කිහිපයේදීම රට පුරා විවිධ ප‍්‍රදේධයන්හි විරෝධතා පැවැත්වින.

57 views
Main News