විදුහල්පති ඇතුලු පරිපාලනයට එරෙහිව ආදි සිසුන් විරෝධතාවක…

September 2, 2020 at 2:14 am | lanka C news
විදුහල්පති ඇතුලු පරිපාලනයට එරෙහිව ආදි සිසුන් විරෝධතාවක…

යාපනය සෛවප්‍රකාශා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ දූෂිත ක්‍රියාකලාපයන් ඇතුලු පරිපාලනයට එරෙහිව පාසලේ ආදි සිසුන් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර විරෝධතාවය වෙනුවෙන් ආදි සිසුන් පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී විරෝධතාකරුවන් වැඩි දුරටත් කියා සිටියේ,

‘ සෛවප්‍රකාශා විද්‍යාලයේ පරිපාලය මේ වන විට දැඩිලෙසින් දූෂිත වී ඇති අතරම විදුහල්පති වරයාට අමතරව ගුරුවරුන් විසින්ද විවිධ වූ දූෂිත ක්‍රියාවන් සිදු කිරීම මගින් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට එය දැඩි අවධානමක් බැවින් වහාම අධ්‍යපන බලධාරීන් විසින් කඩිනම් විනය ක්‍රියාමාර්ගයක් හෝ පරික්ෂණයක් සිදු කල යුතු බවටය.

එමෙන්ම ඇතම් ගුරුවරුන් විසින් දේශපාලන ප්‍රචාරන කටයුතුද පාසල තුල සිදු කිරීම වැනි ක්‍රියාවන් සිදු කරන බවටද වාර්ථා වී ඇති බැවින් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ මැදිහත් වීම මත කඩිනම් පරික්ෂණයක් සිදු කල යුතු බවට විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,586 views
Main News