විදෙස්ගත අධ්‍යන චාරිකාවකට දේශපාලන හිතවතුන්.. – රංගෙ බණ්ඩාර කිපේ..
October 30, 2016 at 12:40 pm | lanka C news
සාගර විශ්ව විද්‍යාලය සඳහා ලැබී ඇති අධ්‍යන චාරිකාවකට සුදුස්සන් යොමු නොකිරීමේ වැඩ පිළිවෙලක් දියත් වෙමින් තිබේ. ඔස්ටේ්රලියාවේ තස්මේනියානු නාවික කටයුතු පිළිබඳ අධ්‍යන සංචාරය ලෙස මෙය නම් කර තිබෙ.
සාගර විද්‍යාව පිළිබඳ අවබෝධයක් සහිත පුද්ගලයින් යොමු නොකර ඊට තම හිතවතුන් සහ ඥාතීන් යොමු කිරීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිහ මහතා කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ. සංචාරය සඳහා සිව් දෙනෙකු නම් කර ඇති අතර එහි පළමු වන්නා වැන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතායී. දෙවැන්නා ලෙස ඔහු ඔහුගේම පුතණුවන්ගේ නම අධ්‍යන චාරිකාවේ නාම ලේඛනයට ඇතුළත් කර තිබේ. තුන්වැන්නා වන්නේ හිටපු ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකි. ඔහු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට සම්බන්ධ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද පත් කර සිටින පාලිත සිල්වා නැමැත්තෙකි. පාලිත සිල්වා යන අය සාගර විද්‍යාව පිළිබඳ කිසිදු දැනුමක් නොමැති අයෙකු පමණක් නොව ඔහුගෙන් එම සංචාරයට හෝ සංචාරයෙන් පසුව රටට හෝ කිසිදු සේවයක් අපේක්ෂා කළ නොහැකි බව අමාත්‍යාංශ නිලධාරීහු පවසතී. කෙසේ වෙතත් පාලිත සිල්වා යන අයගේ පුතණුවන් ඔස්ටේ්රලියාවේ සිටින බවත් ඔහුගේ දුක සැප බැලීම සඳහා ලබා දෙන අවස්ථාවක් ලෙස පාලිත සිල්වා යන අයට මෙම සංචාරයට අවස්ථාවක් ලබා දී ඇති බවත් තතුදත් ආරංචිමාර්ග පවසයි.
මෙවැනි තත්වයක් තුළ සංචාරයට සිව්වැන්නා ලෙස ඇතුළත් කරන්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයායී. මෙවැනි වැදගත් සංචාරයක ප්‍රථිලාභ නිසි ලෙස රටට අත්කර නොදීමේ මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳ මේ වන විට අමාත්‍යාංශය තුලද බරපතල කතාබහක් නිර්මාණය වී තිබේ. එමෙන්ම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ද සාගර විශ්ව විද්‍යාලයේ උප කුළපතිවරයාගෙන් මෙම සංචාරය පිළිබඳ පුළුල්ව කරුණු විමසා ඇති බවත් වාර්තා වන අතර එම තොරතුරු මෙතෙක් රංගේ බණ්ඩාර අමාත්‍යවරයා වෙත ලැබී නොමැති බව ද පැවසෙයි.
– නන්ද කුමාර
රංගෙ බංඩාරගෙ පුතාගෙ නම දැම්මනන් කවුරුත් දන්නෙ නැතුවම ශේප්.මෙයාගෙ පුතාට දෙන්න ඕන ඩ්‍රයිවින් ට්‍රේනින් එකක්. මිනිස්සු යටකරලා මරලා මදිවට මැරයෝ දාලා මීඩියා වලටත් පාට් දානවට.