විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජිනීවා මූලස්ථානය වටලා විරෝධතා…

March 19, 2018 at 8:40 am | lanka C news
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජිනීවා මූලස්ථානය වටලා විරෝධතා…

ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් දිගින් දිගටම ලංකාවට කරන කෙනෙහිලිකම් වලට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ විරොදතාවක් මාර්තු මස 18දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මේ සඳහා ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය මොනොකෝ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය යන රටවලින් පැමිනි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයෝ සහභාගී වූහ.ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ආරාධනයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් මහත්මිය ඇතුලු කන්ඩායමක්ද විරෝධතාවට සහභාගී වීමට ලංකාවේ සිට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ වැරදි වාර්ථා පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015දී ඇමෙරිකාව විසින් සකස්කොට ඉදිරිපත් කල යෝජනාවකට කිසිදු අධ්‍යයනයකින් තොරව සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් වත්මන් රජය විශාල වරදක් කොට ඇති බවයි.

මේ නිසා යම් දිනක ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දී ඇති යෝජනාව පාදක කොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එහි නිශේධ බලය හිමි චීනය , රුසියාව වැනි රටවල්ද ලංකාවට සහායදීමට පසුබට වනු ඇති බව පැවසූ ආචාර්ය ගොඩහේවා තව දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රජය අන්තර්ජාතික බලවේග හමුවේ දීන ලෙස දන නමා පිලිගත් මෙම පදනම් විරහිත ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරණ බව ලෝකයට වටහා දීමේ වගකීම ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය බාරගෙන ඇති බවය.

එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේ ජිනීවා යෝජනාවට ලංකා රජය සම අනුග්‍රාහකත්වය දුන් ආකාරයත්, එය විවාදයකින් තොරව සම්මත කල ආකාරයත් පිලිගත් ක්‍රමවේදයට පටහැනි නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එලඹීමට ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය තීරණය කර ඇති බවය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න පෙන්වා දුන්නේ වසර තුනකට පෙර ඉතාලියේ මෝදනා නුවරදී ආරම්බ වූ ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය අද රටවල් ගනනාවක පැතිර ඇති විශාල සංවිධානයක් බවට වර්ධනය වී අති බවය.

විදෙස් බලවේග හමුවේ ජාතියට ඇති අභියෝග ජයගැනීමට ගෝලීය සංසදය සමග එක්වන මෙන් ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයින්ට ඔහු ආරාධනය කලේය.

– චාමින්ද කරුණාරත්න

68 views

14 Comments to “විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජිනීවා මූලස්ථානය වටලා විරෝධතා…”

  1. sinha le says:

    ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදය පරාජය කළ අභිමානවත් ජාතියක්‌ නිවට නියාලු තත්ත්වයකට ඇද දැමීමේ වර්තමාන ආණ්‌ඩුවේ ක්‍රියාවලියට අද වන විට මෙරට ජනතාව අභියෝගයට ලක්‌ කර ඇත.

  2. සමන් says:

    ඔක්කොම නැගල ගියා. හැබැයි ගෝලීය සංසදය කියන්නේ වසන්ත කීර්තිරත්න විතරයි නොවෙයි. චමින්ද කරුණාරත්න මුදලට ලිව්වට කමක් නැහැ. හැබැයි එතනට තුන් හාරසීයක් ආවෙ වසන්තගේ පඩි ලිස්ට් එකේ ඉන්න අය විතරක් නෙවෙයි. තවත් යුරෝපයේ ඉන්න නියම දේශප්‍රේමීන් තවත් එතන හිටිය බව මතක තබාගත යුතුයි.

Main News