විදෙස් කිරිපිරි රාක්කවල වේලේ.. පැලවත්ත-හයිලන්ඩ් කිරිපිටි වෙලදාම අල්ලා ගනී.. අධිඉල්ලුම නිසා එක් අයෙකුට කිරිපැකට් තුනක් පමණයි..

February 26, 2019 at 3:50 pm | lanka C news
විදෙස් කිරිපිරි රාක්කවල වේලේ.. පැලවත්ත-හයිලන්ඩ් කිරිපිටි වෙලදාම අල්ලා ගනී.. අධිඉල්ලුම නිසා එක් අයෙකුට කිරිපැකට් තුනක් පමණයි..

ආනයනික විදේශීය කිරිපිටිවල විෂ රසායනික ඇති බවට මෑතකදී රට තුල ඇතිව තිබෙන ප‍්‍රබල සාකච්චාව හේතුවෙන් මෙරට වෙලදපලේ ආනයනික කිරිපිටි අලෙවිය අති සීඝ‍්‍ර ලෙස පහල බැස ගොස් තිබේ.

කොළඹ හා තදසන්න සුපිරි වෙලද සැල් ගණනාවක ආනයකින කිරිපිටි රාක්ක පුරවා තිබුනද දේශීය පිටි කිරි වර්ග වන පැලවත්ත හයිලනඩ් උග‍්‍ර හිගයක් ඇතිව තිබේ.

ඒ සදහා නැවත තොග ලබා දුන්නද දිනක් හෝ දෙකක් ඇතුලත ඒවාද අලෙවි වී අවසන් වන බව වෙලදසැල් මුදල් අයකැමිවරුන් කියති.

මේ අතර පැලවත් සමාගම විසින් රට පුරා ස්ථාන ගණනාවක පවත්වාගෙන යන අලෙවි සැල්වල කිරිපි නිකුත් කිරීම සීමා කර ඇත්තේ අධි ඉල්ලුම නිසායි. ඔවුන් එක් අයෙකු සදහා නිකුත් කරන්නේ කිරිපිටි පැකට් තුනක් පමණි.

ඇතිව තිබෙන අලෙවි අර්බුදය හමුවේ විදේශීය කිරිපිටි සමාගම් සියල්ල එක් වී විද්‍යුත් මුද‍්‍රිත මාධ්‍යන්හි දැන්වීම් විශාල වශයෙන් පල කලද පැලවත්ත හයිලන්ඩ් දැන්වීම් දකින්නට ඇත්තේ බොහෝ කලාතුරකිනි.

මීට අමතරව දේශීය දියරකිරි ඉල්ලුමද අති විශාල වශයෙන් ඉහල ගොස් ඇති බව වෙලදසැල් හිමියො කියති.

විදෙස් කිරිපිටිවල විෂ රසායනිකයන් ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද පසුගියදා කියා සිටි අතර හැකි තාක් දේශීය කිරිපිටි හා දියර කිරි භාවිත කරන ලෙස ඉල්ලීමක්ද ජනතාවගෙන් කලේය.

1,214 views

35 Comments to “විදෙස් කිරිපිරි රාක්කවල වේලේ.. පැලවත්ත-හයිලන්ඩ් කිරිපිටි වෙලදාම අල්ලා ගනී.. අධිඉල්ලුම නිසා එක් අයෙකුට කිරිපැකට් තුනක් පමණයි..”

  1. Love nature says:

    යුරෝපා රටවලත් දැන් ළදරුවන්ට දෙන්නේ මවගේ කිරි

  2. Love nature says:

    රජය කල යුත්තේ මවට පෝෂණ ආහාර ලබාදීමයි

  3. කමල් says:

    නවසීලන්තයේ අය සහ දියුණු යයි කියන රටවල අය කිරිපිටි බොන්නේ නැත්තේ ඇයි? I don’t know why?

    • වැඩිපුර බොන්නෙ දියර කිරි. නමුත් පිටිකිරිත් තියෙනවා. ඒවත් විශාල වශයෙන් අලෙ⁣වි වෙනවා. විශේෂයෙන් මේදය ඉවත්කල (light milk/skim milk)කිරි පිටි. ඒ වගේම පිටරටවල් බොහොමයක එලකිරි කියන්නෙ ට්‍රිට් කරපු කිරි. මොකද රජය දොවාගත්තු ගමන් එලකිරි මහජනතාවට විකීණිම තහනම් කරල තියෙන්නෙ. ඒව හරියට ට්‍රීට් කලාට පස්සෙ විතරයි දියර කිරි හැටියට විකුණන්න පුලුවන්.

  4. Norata Eka says:

    එළකිරි මිනිසුන්ට නොවේ , වසු පැටවුන්ටයි …

    • එතකොට සමහර ව්‍යාකූලතා නිසා දරුවන්ට දෙන්න කිරි එරෙන්නෙ නැති අම්මල දෙන්නෙ මොනවද? තමුන් බත් කන්නත් එපා. මොකද වී ඇටේ හැදෙන්නෙ වී කියන ශාකය බෝකරන්න මිසක් අපිට කන්න නෙවෙයි.

  5. Asoka says:

    පසුගිය කාලවල කැනඩාවේ ලංකාවේ කඩවල ලංකාවේ ඇන්කර් වැනි පිටි වර්ග විකුණන්නට තිබුනා. පස්සේ කැනඩාවේ හෙල්ත් මිනිස්ට්‍ර්ය් එකෙන් ඒවාට අවසර දුන්නේ නැහැ. පස්සේ හොරෙන් ගෙනල්ලා කඩේ පිටිපස්සේ කාමරේක තියාගෙන ඉල්ලන යට විතරක් දෙන්න පුරුදු වුනා. අපේ එකෙක් ටිප් එකක් දීලා පස්සේ හෙල්ත් මිනිස්ට්‍ර්ය් එකෙන් ඇවිත් චෙක් කරලා උන්ට දඩත් ගහලා දැන් මේ ලංකාවෙන් ගෙන කිරි පිටි විකුණන්නා සම්පුර්නයෙන්ම තහනම්. ගුවන් තොටුපොලේදී අහුවුනොත් දඩ ගහලා ලංකාවේ පිටි විනාශ කරනවා. මේ ගැන ලංකාවේ බඩු විකුනන ඕනෑම කඩයකින් අහලා බලන්න පුළුවන්. මේවා ජනතාවට තියා සත්වයන්ටවත් දෙන්න බැරි තරම් වස විෂ අඩංගු පිටි කියා කැනඩාවේ ඔප්පු කරලා තියෙන්නේ

    • ඇතිතරම් කිරි හා කිරිපිටි තියන කැනඩාව වැනි රටකට ඇන්කර් ගෙන්වපු හරකා කවුද? අනික ඇන්කර් කියන්නෙ පිටරට කිරි වර්ගයක් නිසා එතකොට වෙන්නෙ ප්‍රති අපනයනයක්. ඇන්කර් ගෙන්වන රට (නවසීලන්තය ) තමුන්ගෙ සෞඛ්‍ය සහතික ලබාදෙන්නෙ එය කෙලින්ම ගෙන්වන ලංකාවට පමණයි. එතකොට කැනඩාවට අදාල සහතික දෙන්නෙ ලංකාවෙන්ද? ලංකාවට සෞඛ්‍ය සහතික දෙන්න පුලුවන් ලංකාවෙ කිරිවලට පමණයි. ඒ නිසයි එහෙම කිරි ගෙන්වීම තහනම් වන්නෙ.නැතිව ප්‍රමිති ප්‍රශ්නයක් නෙවෙයි.

      • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

        මේ ගැන යමක් දන්නා නිසා කියන්නම්. කැනඩාවට විතරක් නොවේ ශ්‍රී ලාංකිකයින් ඉන්න හැම රටකම ලංකාවේ කඩ තියනවා. මේවා බහුතරය කරන්නේ දෙමල මිනිස්සු. මේවායේ ලංකාවේ බඩු (MD ජෑම්, හරිස්චන්ද්‍ර නූඩ්ල්ස්, අලියා බීම ආදී) දේ විකුණනවා. මිනිස්සු ඒවා ගන්නේ ඒ රටවල කෑම බීම නැති නිසා නොවේ. කලකට පසු ලංකාවේ කාපු දේවල් කාල බීල බලන්න තියන ආසාවට.

        ඔතන මහා පරිමාණ කිරිපිටි ආනයනක් වෙන්නේ නෑ. කොලිටි හොද නැත්නම් එම බඩු ආනයනය කරන්න දෙන්නෙ නෑ. මොකද තම රටේ පුරවැසියන්ගේ සවුඛ්‍ය ආරක්ෂා කිරීමට එම රටවල් වල විධිමත් වැඩපිළිවෙලක් තිබෙන නිසා.

        • ඔබ කියන කතාව ඇත්තක්, නමුත් මේ කෑම හා බීම ජාති ලංකාවෙ උන පලියට ගෙන්වන්න බෑ. ඒවා එම රටවල ප්‍රමිති පරික්ෂාවට ලක්කරල සුදුසුනම් පමණයි ගෙන්වීමට අවසර ලැබෙන්නෙ. කරවල හාල්මැස්සන් පවා එම රටවලට ගෙන්වනවා. ආයුර්වේද තෙල්වර්ග හා පස්පංගුව පැකට් පවා ගෙන්වනවා. අපේ රටේ දේශපාලුවන් පමණක් නොව වෘත්තිකයන් පවා ආර්ථික වාසි තකා බොරු කියන නිසා පුරවැසියන් හැටියට අපිට මේවා විශ්වාස කරනවාද නැද්ද යන්න ගැන ගැටලුවක් තියෙනවා.

  6. Bandiya says:

    Api hamada gaththe higland , dan apita ganna higland naha . Pisso desiya kiri bonna patangena.

  7. Ashoka says:

    චොකලට්, බිස්කට්, ටොෆි, යෝගට් වැනි වෙනත් කිරි යොදා ගන්නා නිෂ්පාදන වලටද පිට රටින් ගෙනෙන කිරිපිටි භාවිතා කරයි. විකිනිමට අපහසු රට කිරි පිටි ඉදිරියේදී වැඩියෙන් මේවා සදහා යොමු කිරීමේ හැකියාවක් පවතී.

  8. Drew says:

    What the people in Sri Lanka don’t know is that China is even running scams to get Australian and NZ milk powder in to their country. Especially baby formula but there is also a huge market for other milk powder. This is only one link I am pretty sure you can google https://www.abc.net.au/news/2018-12-11/abc-investigation-uncovers-chinese-baby-formula-shoppers/10594400

    The quality of the milk powder is being monitored and there is no margin for errors as these are not lawless countries. All China does is to lower the demand from other countries so that it can increase the market share for them and your politicians are actively helping them to achieve that. All they need to do is to make a public statement and people just blindly follow.

  9. Ashoka says:

    නුවන ඇති මව් වරුන් ලෙස ඔබේ දරුවට සහ පව්ලේ අයට හොදම දේ දෙන එක ඔබේ වගකීමක්.
    ඔබේ දරුවා වගේම ඔබේ පව්ලේ අයත් අනාගතයේ හදවත් රෝග, වකුගඩු රෝග, පිළිකා, අධි රුදිර පීඩනය වගේ බෝ නොවන රෝග හදා ගෙන චැනල් පෝලිම් වල, රෝහල් ගානේ අතේ තියෙන හැම සතේම වියදම් කරගෙන රස්තියාදු කරන්න අකමැති නේද. එසේනම් ඔබේ දරුවාට දෙන ආහාර ගැන සැලකිලිමත් වෙන්න. වස විස අඩංගු ආනයනික පිටි කිරි, හොර්මොන් යෙදු මස් මාළු බිත්තර, පාන් පිටි සහ අධික සීනි ආහාර, කෘෂි රසායනික නැහැවූ එළවලු පලතුරු පලා වර්ග වලින් ඈත් වන්න. ඉස්සර මේ කෑම වගේ නෙමේ, අද මේවා හදන්නේ සිරුරට විෂ සහිත ගොඩක් දේ එකතු කරලා.
    ලෙඩ රෝග නසන ප්‍රතිශක්තිය ඇති කරවන සහ සිරුරේ විෂ ඉවත් කරන පිරිසිදු පලතුරු පලා වර්ග ආහාරයට ගන්න. කොළ කැද, සහ පාරම්පරික සහල් වලට හුරු වන්න. කෘතීම දේ නොයෙදූ තුන පහ වර්ග භාවිතා කරන්න. කෘතීම රස කාරක, වර්ණ කාරක, කල්තබාගන්න රසායනික දෘව්‍ය යෙදු බිස්කට්, ටොෆි, චොකලට්, බීම වර්ග සහ වස විස යොදා ආනයනය කරන පිටරට පලතුරු වලින් ඈත් වන්න. පොලිතින් වලින් ආහාර ඇසුරුම් කිරීමෙන් වලකින්න, ඇලුමිනියම් බදුන් වලින් මැටි බදුන් වලට මාරුවෙන්න. ඔබේ ආරක්ෂාව ඔබම තහවුරු කරගන්න.
    වයස 30-40 පනිනකොට ලෙඩ ගොඩකට බෙහෙත් ගන්න චැනල් පෝලිම් වලට එකතුවෙන එක, 50-60 පනිනකොට අක්මාව, වකුගඩු, නරක් වෙලා, හදවත දුර්වල වෙලා සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වැඩි වෙලා දුක් විද විද මැරිලා යන සංස්කෘතියට දැන්වත් තිත තියන්න ජාතියක් විදියට ලැස්ති වෙන්න.
    පුංචි කාලේ වගේ, 80-90 වයසෙදිත් නිරෝගීව ශක්තිමත්ව සතුටින් වැඩපල කරපු අපේ ආච්චිලා සීයලා ගේ වගේ නිරෝගී දිවියක් සහිත සමාජයක් අයෙත් හදමු.

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      අනිවා…… ඇලුමිනියම් විතරක් නොවේ, නොන්ස්ටික් කියන්නේ ඊටත් වඩා භයානක දෙයක්.
      නොන්ස්ටික් වලදී කරන්නේ ලෝහ භාජනයක මතුපිට ටෙෆ්ලෝන් (PTFE) කියන ආලේපය (ඉතා තද තීන්ත වර්ගයක් ගානවා කියල හිතා ගන්න) ගලවන එකයි. මේවගේ උයන වාරයක් වාරයක් පාසා ටෙෆ්ලෝන් අපේ ශරීර ගත වෙනවා. මෙය විසක් වුනත් මාත්‍රාව සුළු නිසා අපට විෂ දැනෙන්නේ නැහැ. නමුත් තදින් රත් ඌඌ භාජනයකින් එන ටෙෆ්ලෝන් දුම නිසා කුරුල්ලන් (ගෘහස්ත පක්ෂීන්) මැරෙනවා.

  10. sathya says:

    Nespray is also a Local production. (Except 1Kg Milk powder pack)
    Milk is collected at Pannala and produced milk powder.
    Highland, Pelwatta & Nespray are only local Milk powder. They are good. Refrain from Imported Milk Powder and help our own Farmers.

Main News