විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..

June 30, 2022 at 3:20 am | lanka C news
විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගුවන් සේවාවන් මෙරට ගමන්වාර අඩු කිරීමට හෝ අත්හිටුවීමට අවධානය යොමුකර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ මෙරටට පැමිණෙන ගුවන් යන වලට ආපසු ගමනට ප්‍රමාණවත් ලෙස ඉන්ධන පුරවා ගෙන පැමිණෙන ලෙස ශ්‍රී ලංකාව විසින් දැනුම් දීමයි.

නමුත් අමතර ඉන්ධන පුරවාගෙන ගෙන පැමිණීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය අඩු කිරීමට සිදුවීමත් අතරමගදී ඉන්ධන පිරවීම සඳහා වෙනත් ගුවන්තොටුපලක් වෙත යාමෙන් අමතර පිරිවැයක් දරන්නට වීමත් මත විදෙස් ගුවන් සේවා මේ ගැන අවධානය යොමු කර ඇත.

මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා පිටව වන ගුවන්යානා වල ප්‍රවේශ වේශ පත්‍ර වල මිලද බොහෝ ඉහළ යා හැකි බව ද වාර්තා වෙයි.

දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාද ඉන්ධන ලබා ගැනීමේ කටයුත්ත කරනු ලබන්නේ ඉන්දියාවේ ගුවන්තොටුපලවල් හරහා ය.

47,191 views

6 Comments to “විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..”

  1. King Bull says:

    පයිලට්ලත් තෙල් පෝලිමේද ?

  2. හද නව නම් රට says:

    මේ රටේ රජයෙ සේවකයන් ට හා ඔවුන් ගේ ලමයි න්ට විදෙස ගත වීමට වෙනම ගුවන් සේවය ක් ආරම්බ කල යුතුයි ,

  3. Hora Gudda says:

    What SL very urgently needs is a Credible Leader as PM of SL who has integrity, credibility, capability, and a balanced attitude towards the Foreign Policy and of course knowledge and experience in economic, financial, and social management to take SL out of this falling off the cliff as soon as possible. Ranil is a big central bank robber, with no credibility or integrity to convince sri Lankans living abroad to send remittances here and aslo Ranil is a bankrupt failed politician who became crisis PM to save the backsides of Rajapaksa thieves going o Jail. Ranil has no credibility in the eyes of world leaders to get economic support for SL.

  4. අඩෝ says:

    මේ රාජපක්ෂ පාලනය අපිව ටිකෙන් ටික ලෝකයෙන් හුදකලා කරමින් සිටිනවා නොවේද?

  5. john the Baptice says:

    මයිනා සොරා කාපු ඩොලර් නැවත ලබා ගත්තා නම් ප්‍රස්නේ ඉවරයි.

    • aanamaduwe maanavadu says:

      ewagema maynala visikkoraapu urukatu daapu plastic bag ekath mata aran deepallaban. katu nethuwa den mata yannawenne catholicayange gewalvala muluthen getataya.——uru john.
      oya suruttuwange jaraa ganda gahana air lanka ekatanam chennaivalin indhana dennama epaa kiyala kiyapalla

Main News