විදෙස් කෘමිනාශක තොගයක් කලපුවකින් හමුවෙයි….
May 14, 2022 at 2:11 am | lanka C news
විදේස් රටක සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව රැගෙන එන ලද මෙරට තහනම් වූ කෘමිනාශක බෝතල් තොගයක් මන්නාරම සවුත්බාර් ප්රදේශයේ තිබී සොයාගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම සවුත්බාර් ප්රදේශයේ පිහිටි ලුණු ලේවාය ආසන්නයේ ඇති කලපු ප්රදේශයක දමාගොස් තිබූ ගෝනි දෙකක අදාල කෘමිනාශක බෝතල් තොගය සොයාගනු ලැබීය.
එහිදී කලපුවේ දමා ගොස් තිබූ ලීටරය බැගින් වූ බෝතල් 75 ක් තිබී සොයාගෙන ඇති අතර අදාල කෘමිනාශක බෝතල ගෙනඑන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලිවී නොමැති බවටත් එම කෘමිනාශක බෝතල් තොගය ඉන්දියාවේ සිට හෝ වෙනත් විදෙශ් රටකින් මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මෙම කලපු ප්රදේශයේ වලදමා පලා යන්නට ඇති බවට පොලිස් විශේස කාර්ය බලකාය සැකපල කොට සිටියේය.
අත්අඩංගුවට ගත් කෘමිනාශක බෝතල් තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට බාරදීමට පොලිස් විශේස කාර්ය බලකාය පියවර ගෙන තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
විනාශ නොකර වගාවට දෙන්න. රටට සේවයක්. වැරදි තීරණයක් තවදුරටත් වලංගු කරන්න එපා.
We don’t need chemicals into Sri Lanka.
Find the smugglers. hang them on Lamp posts.