විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..

January 27, 2021 at 8:40 am | lanka C news
විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..

මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍යතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

ඒ අනුව මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍ය අවසර ලබාදීම සහ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ ඉටුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙසේ පැමිණෙන ශ්‍රමිකයන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබදවද ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මේ දක්වා එම ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීමේ ගුවන් පහසුකම් සැලසූ බව ශ්‍රිලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවැසීය

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

17,928 views

24 Comments to “විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..”

  1. Gamarala says:

    රටට සේවයක් ක‍රන්න මේ අයගේ ශ්‍රමය යොදාගමු. වහල් සේවය තහනම් කරමු

  2. රටට හිතැති says:

    ඉතාම වටින තීන්දුවක් ඔබතුමා අරගෙන තියෙන්නේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් බොහෝ රටවල දුක් විදිනවා. ගෙවල් වල කාමරයක් වෙන්කරන්න පුලුවන් අය ගෙවල් වල නීරෝධායනය කරන්න. පලාතෙ ග්‍රාමසෙවක තුමා දන්නවා ඒ ගෙවල්. අහල පහල ගෙවල් වල අය බුද්ධි සේවාව නියමෙටම කරාවි, ඒ අය ගෙයින් එලියට එනකොටම පොලිසියට කෝල් එක ලැබේවි. අනිත් අය රජය මගින් නිරෝධායනය කරන්න. මෙයින් රජයට විශාල වශයෙන් වියදම ඉතිරි වේ. ඒ වගේම ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නයද විසදේ. කලමනාකරනය පමනයි අවශ්‍යවන්නේ. ඉතාම ඉක්මනින් කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි. එය රජයටද හිතකරයි.

  3. aniwa says:

    අනේ සාදු අපේ බුදු අප්පච්චි නැගිටලා මෙන්න අවුරුද්දකට පස්සේ.
    අනිවා සර් අපේ කට්ටිය ගෙන්න ගමු සර් එත් නිකං එපා උන්ට අගයක් නෑ. ලස්ස පහක් වත් අරන් දිලිප් සර්ගේ හෝටලේක දාල තියමු සති දෙකක් දවසට විසිපහක් වත් ගමු.
    ජය වේවා සර් !

  4. Sun says:

    We cannot trust these politicians . What the want is to sell the land to Indians and fill the stomach. Politicians want only that. Money. No brains to see the ways to develop the country. Finished all the money resources as all the foreign workers are coming back. Now thinking thinking of selling the land. Ranil left post after looting the bank. This government is looking something similar.

  5. It is a good idea to allow People who have enough rooms at home to allow quarantine at their homes. It is good for them as well as for the government as the government expenses will be less.

  6. නිවසේ ප්‍රමාණවත් කාමර ඇති පුද්ගලයින්ට තම නිවෙස්වල නිරෝධායනය කිරීමට ඉඩ දීම හොඳ අදහසකි. රජයේ වියදම් අඩු වනු ඇති බැවින් එය ඔවුන්ට මෙන්ම රජයට ද හොඳ ය.

Main News