විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..

January 27, 2021 at 8:40 am | lanka C news
විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..

මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍යතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

ඒ අනුව මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍ය අවසර ලබාදීම සහ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ ඉටුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙසේ පැමිණෙන ශ්‍රමිකයන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබදවද ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මේ දක්වා එම ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීමේ ගුවන් පහසුකම් සැලසූ බව ශ්‍රිලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවැසීය

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

17,974 views

24 Comments to “විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..”

  1. Hudson says:

    Only talk, never happens.

  2. Manoj says:

    පිටරට ශ්‍රමිකයන් ගෙන්නන එක හොඳයි .හැබැයි ඔවුන් ගෙවල්වල නිරෝධනයට යවන්න එපා . ඔවුන් සතුවන virus කාණ්ඩ ඉතා භයානක වෙන්න පුළුවන් .

    • desta says:

      ehenam uba lei gedara ewnnada gedara yawanne nethiwa

    • තාජුඩීන් says:

      එතකොට උබේ අම්මා ද අපේ හෝටල් බිල් බේරන්නේ

    • Milano says:

      මැදපෙරදිග ඉන්න ශ්‍රමිකයො හොඳට කොරෝනා නීති පිලිපැදලා කොරෝනා එන්නතත් විදගෙන එන්නෙ බොල.ලංකාවෙ ඉන්න තොපිවගේ මාස්ක් නැතිව දඩායතේ යන්නෙ නැහැ.අනිත් එක ඒ මින්ස්සුන්ට ගේදොර තියෙනවා නිරෝදායනයේ නිදහසේ ඉන්න.උඹලවගේ ඕපදුප හොයහොයා ගෙවල්ගානෙ යන්නෙ නැහැ ඒ මිනිස්සු..තොපිල තමයි රස්තියාදුවේ ගිහින් කොරෝනා බෝකරගෙන අනිත් අයටත් බෝකරන්නෙ..

  3. ඩ‌ෙවල් යකා says:

    සව්දි තම්බින්ගේ පාරවල් අතුගාන,ටොයිලට් හෝදන බුදබණ අසා හීලෑ වූ යක‌ෙක් රියාද් සිට..
    බුදු සර් අපි ම‌ෙහේ අපාදුක් විඳිනවා..ප්ලේන් නැත්නම් රාවණාගේ දඩු මොණර‌ෙන් හරි අපිව ඔහ‌ෙට ග‌ෙන්න ගන්න.

    • opps says:

      මෙි ඩ‌ෙවල් යකා ලග අර ක්‍රිමිනලාගේ හමිපඩ කුනුගද එනවා

  4. රන්වල says:

    රටේ ගෑනුටික අරාබි ගෙවල්වල ඉදුල් හෝදන්න යවල හම්බු කරන් කන එකේ ගුණේ වත් තිබ්බෙ නැති ගුණමකු ජාතියක් ඒ මිනිස්සු අසරණ උන වෙලේ පාලකයො කලේ තමුන්ගෙ යාලුවොන්ට ඒ අසරණයන්ව හූරාගෙන කන්න මාර්ග හදල දීපු එක.මල්ලි එහෙම නාද්දි අයිය මේ හදන්නෙ සබන් ගාන්නද

    • narada says:

      ධනපතියන් නැනැතිකරනවා කියලා, ලන්කාවෙ තිබ්බ සියලුම කර්මාන්තශාලා ගිනි තියලා විනාශ කලා.
      අන්තිමේ ඒවායේ වැඩ කරපු ගෑනු, රස්සා නැති නිසා කරන්න දෙයක් නැති කමට අරාබියේ ධනපතියන් ලග මෙහෙකාර කමට ගියා.
      ඔන්න ඔහොමයි ජෙප්පො කැරලි 2ක් ගහලා, ලන්කාවෙ ධනපතියන් නැති කලේ.

    • Ratawasiya says:

      පත්වුනු හැම නායකයම එකයි .අරාබියට ගෑන විකුනලා තමන්ගෙ දරුපවුල් නඩත්තු කරන දේසපාලුවො ඉන්න රටක් මේක.ලැජ්ජයි විලිලැජ්ජයි

  5. Niro Udana says:

    Derana Lokka Parala weida ?

  6. ක්‍රිමිනල් says:

    කරලම පෙන්නනකො ! එක්කෙනෙක් කැසට් ගහනවා වගේ ගැසට් ගහනවා ,මෙයා මෙගා ටෙලිනාට්‍ය වගේ නීවේදන නිකුත් කරනවා , රට වල පල්ලට යනවා ,ගජ මිතුරො ,පවුල ගොඩ යනවා. 😂😂😂

  7. Lapa Kumara says:

    Mada peradiga mowun ta hikmeemak ne. Home quarantine karanna epa, Itha bhayanakay.

    • Lapayage abuwa says:

      Umbalata thamai kisima hikmeemak naththe. thopi thamai masks nathiwa aemehe gihin corona bokaranne. Kisima deyak terenne nathi linmadiyo umbala thamai. Pitarata indan ena minissu beheth widagena enne.thopi lankawe indan kanne wideshagatha sramikayinge ashuchi thamai.

  8. Mssilva says:

    You missed the bus. You have been sleeping sleeping for 9months. Poor workers lost all their earnings and your government allowed your close business hoteliers to earn from quarantine. Some of tge Embassy and cosulate crook officers also earned. Now what???

  9. Kalana says:

    අපි හිතුවේ මල්ලි වැඩ කාරය, මොළ කරය කියල, බලපුවහම හිටන් එක්කවත් සමාන කරන්න බැහැනේ. බොරු හිලක්.

  10. Saman says:

    We are talking about this for last 9 months with out any action. We have more than 1500 people waiting to come back home without any job. 2 of our friends died. How many more need to suffer before we come back to our own country.

Main News