විදෙස් සංචාරකයන්ට සංචාරයට අවස්ථාව…

May 16, 2021 at 4:40 pm | lanka C news
විදෙස් සංචාරකයන්ට සංචාරයට අවස්ථාව…

දිවයිනට පැමිණ සිටින විදේශික සංචාරකයන් හට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ  සංචාරය කිරීමට හැකි  බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙරටට පැමිණ සිටින සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය ඔස්සේ පළාත් අතර සංචරණය කළ හැකි බව අධ්‍යක්ෂක ජෙනරාල්වරිය කියයි.

කෙසේ වෙතත් සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ සංචාරකයන් රැගෙන යාමේ දි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීමට කටයුතු කරන්න යැයි සංචාරකයින් ගෙන්විමට කටයුතු කර ඇති ආයතන හා පුද්ගලයින්ට දැඩි ලෙස උපදෙස් දී ඇති බවත් එලෙස කටයුතු නොකරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය පෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය අපනයන කර්මාන්තයක් ලෙස හදුනාගෙන ඇති අතර එය අපනයන සංවර්ධන ජාතික සැලසුමට ද ඇතුළත් ය. රට සංචාරකයන්ට නැවත විවෘත කිරීමෙන් පසු මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබිණි. කොවිඩ් තුන්වන රැල්ල ආරම්භ වුයේ ඒ අතරතුරයි. ඒ සමගම රට තුළ දැඩි සංචරණ සීමා පැනවීමත් සමග සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ මෙරටට පැමිණි සිටි සංචාරකයන්ට සංචරණයේ දී විවිධ බාධා එල්ලවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යක්ෂක ජෙනරාල්වරිය කියයි. ඒ පිළිබද ව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු දිවයිනට පැමිණි සිටින විදේශීය සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ බාධාවකින් තොරව නිෂ්චිත ස්ථාන කරා ගමන් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව ඇය වැඩිදුරටත් සදහන් කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

25,212 views

19 Comments to “විදෙස් සංචාරකයන්ට සංචාරයට අවස්ථාව…”

  1. Sumudu says:

    If the foreign tourists can go like that local tourists too should be able to go like that. Other wise its unfair and shame for the people of this country.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කෙලෝගන්න එක හොදටම කෙලෝගත්තෙ නැත්නම් අපිට නින්ද යන් නෑ.දැන් අපි බලන්නෙ ඒක කොහොමද කර ගන්නෙ කියල

    • ඇත්ත යථාර්ථය says:

      හහ් හහ්.. අහක යන කෑ ඇරි ඉල්ලන් පූ එකේ ගා ගන්නවා කියන්නේ ඕක තමා. බයියන්ට බලේ තිබ්බ ට මොලේ නැහැ කියන්නේ ඕක තමයි.

  3. ලංකාවෙ නැති කොවිඩ් ප්‍රභේද says:

    මම බල්ලෙක් වගේ ඕගොල්ලන්ගෙ දෙපා මුලට එන්නෙ මට මේ දෙන අවස්තාවලට. .ඉස්තූතී

  4. සදුනි says:

    දන්නෙ නැති නිසා අහන්නේ,

    දේශීය සංචාරකයන්ට බැරිද ඔය බුබුළු ක්‍රමයට සංචාරය කරන්න?

  5. වෛරස් මුදියන්සේලාගේ කෝවිඩ් Return says:

    තනිකරම දේශපාලන බලපෑමක් මේක නම්… මෙහෙම මොලේ නැති හැත්තක් ඉන්නකම් ලෝකේ තියෙන සියළුම කෝවිඩ් වෛරස් ප්‍රභේද මේ රටේ බින්න බහින එක අරුමයක් නෙවෙයි… මිනිසුනි රටේ සෞඛ්‍ය සේවාවේ උතුම් මිනිසුන් කියන දේවල් දැන්වත් පිළිගනිල්ලා !

    • ඇල්ෆා ටෝක් සීන් says:

      මොලේ නැත්තේ නැහැ මොලේ තියනවා. නමුත් ඒක බඩට සපෙක්ෂ්ව ඉතා කුඩායි. ඒකයි ප්‍රශ්නේ. මිනිහගේ වටේ ඉන්න කප්පම් කාරයන්ට මේ දවස් වල හතේ හත වැදිලා. ඉතින් පොඩි සපෝර්ට් එකක් දෙන්න තමයි ඔය වැඩේ කරන්නේ. නැත්නම් ඉතින් උගේ කලිසම ගලවනවනේ.

  6. Mama says:

    Me rate minissu,
    Tanikara kelinne pissu.

  7. බූරු පුතාණෝ සජියා says:

    අපි හොඳටම කරල තියෙන නිසා සංචාරකයින්ට බය වෙන්න දෙයක් නැහැ. සාර්ට පිං සිද්ධ වෙන්න බුබුළු නැතත් අපි දැන් බය නැහැ.

    • ක්‍රිමිනල් says:

      අමූ ගොන් බෛයි වහලෙක් නැද්ද බන් හොයාගන්න කොවිඩ් හොදකරන බේතකට ගන්න , උන් කොච්චර ගොංද කියනවනං ,උන්ව නිස්සාරණය කරලා, උකුසු බිත්තර කටු දාලා , ඩෝං ගාලා වතුර පලාගෙන ආපූ බෝතල් නයාවත් ඇඩ් කරලා බේතක් හැදුවනං ,කොවිඩ් දුවන්නේ සක සක ගාලා..😂😂😂

  8. Thinker says:

    pissu yakku. mechchara watila inna tiketh thawa minissu tika mara gannada manda me karanne. hama ratakma rata wahala covid19 control kale. pissu yakku ammapa. wedak naha kiyala.

  9. ක්‍රිමිනල් says:

    තාමත් මේ රටේ අමු ගොන් බෛයො ඉන්නවද බන් ? තාම ඉන්නවනං අටපට්ටමට දැනුම් දෙන්න ඔනේ..😂😂😂

  10. Gamarala says:

    ජනතාව සිරාට බැන්නේ අපරාදේ දැන් බලන්ගිහාම

Main News