විදේශයන්හි සිරවූ සියළු ලාංකිකයන් ගේන්න ශ‍්‍රී ලන්කන් සූදානම්.. ප‍්‍රමුඛතාවය මෙන්න..

May 17, 2020 at 4:40 pm | lanka C news
විදේශයන්හි සිරවූ සියළු ලාංකිකයන් ගේන්න ශ‍්‍රී ලන්කන් සූදානම්.. ප‍්‍රමුඛතාවය මෙන්න..

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්වල සිර වී ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය හා ජනාධිපති කාර්යාලය මේ සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

රට තුළ කොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය කරන අතරම ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව දිවයිනට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව බව ද ඇමතිවරයා කීවේය. දිවයිනට රැගෙන එන සියලු විදේශගත ශ්‍රමිකයන් නිරෝධානයකට ලක් කෙරෙණ අතර ඒ සදහා ද දැනට ඇති පහසුකම් වලට සරිලන පරිදි මෙම ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේ දී විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ රටවල තානාපති කාර්යාල මහා කොමසාරිස් කාර්යාල හරහා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් ඒ අනුව  ලියාපදිංචි විදේශගත වු ශ්‍රමිකයන් ගෙන්වීම සදහා ශ්‍රී ලංකන් සමාගමේ ගුවන් යානා යොදවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. මෙහි දී ප්‍රමුඛතාව ලබා දෙන්නේ  කුඩා දරුවන්, ගර්භණි හා හෘද රෝග වැනි අසනීප තත්ත්වයෙන් පත්වන අයට පමණක් බවත් නැතිනම් ලියාපදිංචි වූ පිළිවෙලට ගෙන්වීම සිදුවන බවත් පැවසු රණතුංග මහතා මේ සම්බන්ධයෙන් බාහිර බලපෑම් සිදුවන බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද කීවේය.

කුවේට් හි සිටින වීසා අවසන් වූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා එරට විදේශ කටයුතු ඇමතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව මුලින් කුවේට් රජය බාරයේ සිටින වීසා අවසන් වූ පිරිස දිවයිනට ගෙන්වා ගන්නා බවත් ඇමතිවරයා කීවේය. ඉන් පසු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින පිරිස් ද දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතය. ඉදිරි කාලය තුළ මැදපෙරදිග රටවල් වලින් මෙන්ම මාලදිවයින, බංගලිදේශය ඇතුළු විවිධ රටවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙල දැනටමත් විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජනාධිපති තාර්යාලය සකස් කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ වන විට එම රටවල මුහුණ පා ඇති අසීරු තත්ත්වය පිළිබදව රජයට අවබෝධයක් ඇතැත් ඔවුන්ව ගෙන්වා ගැනීමේ දී රට තුළ පවතින තත්ත්වය ද සැලකිල්ලට ගෙන කටයුතු කිරීමට සිදුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

– ප්‍රදීප් අනුර කුමාර

55,629 Viewers

13 Comments to “විදේශයන්හි සිරවූ සියළු ලාංකිකයන් ගේන්න ශ‍්‍රී ලන්කන් සූදානම්.. ප‍්‍රමුඛතාවය මෙන්න..”

  1. රුවන් says:

    මේ කියන විදියට ඉන්න සේරම ගෙන්නවනකොට තව අවුරුද්දක් විතර යාවී… මොකද උපරිම නිරෝධනය කරන්න පුලුවන් 10000ක් විතරයි…… ලක්ෂ 2කක් විතර එන්න ඉන්නවා…. ඉතිං මුල් කට්ටිය දවස් 21කක් නිරෝධනය කරලා යවලා ඊලඟ කට්ටිය ගෙන්නවන්නෙ… මැදපෙරදිග ගොඩක් ඉන්නවා අසරණ වුන අය…

    • Pukum says:

      ඇයි හදිසිද?

    • අල්ලපු ගෙදර තිනන් says:

      ස්වයං නිරෝධායන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා. නිරෝධායන පහසුකම් නැති අයට නිරෝධායන මධ්‍යස්ථාන වලත් අනෙකුත් අයට තමන්ගේ නිවසේ ස්වයං නිරෝධායනය වෙන්න අවස්ථාව දුන්නොත් හැම කෙනෙක්ම ඉක්මනින් ගෙන්වා ගන්න පුළුවන්. පිටරට ඉඳන් එන අය වගකීමෙන් වැඩ කරන්න වෙනවා.

      • සාජන්ට් නල්ලතම්බි says:

        හුටා..කුජීත් ආරෝහණ ත් එහෙනම් ප්‍රසිද්ධියේම කලිසම ගලවා ගත්තා මිනිහගේ දුව ගෙන්න ගන්න ගිහින්. මම ඒත් හිතුවා මේක දවල් රෑ නැතුව ආණ්ඩුවට කඩේ යනකොට. කොහෙද කවද්දා බං පොලිසිය ස්වාධීන උනේ. මිනිහෙකුට ලිංගික අඩත්තේට්ටම කරපු එකෙක් කොයි රටේද බං නියෝජ්‍ය පොලිස්පති උනේ. ලංකාවේ පොලිසියේ චෝදනා නැති, කෙලින් හිටපු, වංචා නැති , බැළයෙක් නොවුණු එකෙක් උඩට ඇවිත් නැහැ.

  2. Gamini says:

    Me bailay dan masa 2kak edala gahanawa. habai wade wenne na. thopita medasare Middleast chanda hambenne na

  3. Anura says:

    People doesn’t have food, many are jobless, no places to stay. they are still thinking and releasing useless media statements. UAE embassy was partial when sending people on the first flight.people who are stranded their knows the truth. government will pay for these inhuman acts very soon on the election.

    Admin motherfucker will not approve this. he can kiss wimals ass and live like a cheap shit head forever.

    • Chanuka says:

      Yes Anura. This is the real truth. These fucking guys don’t know what is happening here. Especially politicians. This time Rata Wiruwo will not vote to these fucking politicians. Guys please don’t vote them. People are suffering here. Embassies are not answering the phone. I tried to call several times to UAE, Qatar, Kuwait Embassies. No one is answering the phone. Don’t expect

  4. kavirathna says:

    ඔබතුමා ගෙන්වනකොට,කොරොනාගෙ බබා ඉස්කොලෙත් යනවා ඈති

  5. Abc says:

    If MS was in rule something better than this can expect. Unfortunately this govt is having loud talks but nothing in action.
    Don’t forget how this govt marketed foreign worker’s to become in power.
    Now just kidding daily by someone from all types of authorities and blocking in full.
    None of the govt in the world dows like this. India alrady planned much ahead.
    This govt

  6. Kgs basnayake says:

    But there are bastard (appointed by yahapalanaya) in these offices and they do everything to defame the present government.

  7. Supun says:

    Man kuwait inne, mehe star class hotel ekka weda karanne, mata kauru hari knk kiyapanko etakota me mun kiyana widiyata ohomanam gennanne mokatada me airport eka open karanawa kiya kiya kiyawanne?? Airport eka kawada wage open weida?? Oye kiyana widiyata airport 1 ipen karain passewath lankawata yanna inna lankawe minihekta norml widiyata lankawata yanna barida?? Man july 2 wage yanna hithan innawa, e wenakotawath yaganna bari weida hithe hatiyata

    • Mangala says:

      යමක් තේරුම් ගන්න බැරිනම්. කොරෝනාගෙන්ම අහන්න

Main News