විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

September 7, 2021 at 11:20 am | lanka C news
විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

විදේශික ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොලේ තමන් සතු කොටස් වේගවත්ව විකිණීමට කටයුතු කරමින් සිටී.

මෙම වසරේ මෙතෙක් ඔවුන් විසින් විකුණා ඇති කොටස් වල වටිනාකම රුපියල් බිලියන 41 ඉක්මවයි.

එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ප්‍රමාණයකි.

විදේශ විනිමය සංචිත පහළ බැසීම, රුපියෙල් අස්ථාවරත්වය, විකුණුම් ආදායම් ලැබීමේ ප්‍රමාදය මෙන්ම රජයේ විශාල මැදිහත්වීම හේතුවෙන් මෙලෙස විදේශිකයන් තමන් සතු කොටස් අලෙවි කරමින් සිටින බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයන් කියා සිටිති.

70,298 views

36 Comments to “විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..”

  1. Amda says:

    සල්ලි සහ මොලය තියෙන මිනිසුන්ට ආයෝජනය කරන්න හොඳම අවස්ථාව තමයි මේ.

  2. චානක says:

    මේ සිද්ධියට මූලිකතම හේතුව ලංකාවේ තියෙන ආර්ථික අර්බුදය නෙවෙයි, ලංකාවේ තියෙන දේශපාළන අස්ථාවරතාවයි. එක පක්ෂයක් බලයට ආවම, අනෙක් පක්ෂ බලන්නේ ඒ පක්ෂය කොහොම හරි වට්ටන්නයි. රටට හෙන ගැහුවත් උන්ට වැඩක් නෑ. එන එන සැරයට Policy මාරු කරනවා. හොරකම් කරනවා, වෙන රටවලට ඕන විදියට රටේ බලය ගෙනියනවා. එහෙම රටක සංවර්ධනයක් දකින්න ගොඩක් කල් යනවා.

    • Dileepa says:

      2/3 and The 20th Amendment (20A) to the Constitution mean the current government is politically stable. but it is not financially stable. open your eyes

Main News