විදේශිකයෙකුගේ මළ සිරුරක් වෙරලේ…

October 6, 2021 at 2:02 am | lanka C news
විදේශිකයෙකුගේ මළ සිරුරක් වෙරලේ…

බෙන්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පාරාදීස දූපත් වෙරළ තීරයට නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය පවසයි .

ගොඩ ගසා තිබූ මෙම මළ සිරුර හඳුනාගත නොහැකි ලෙස නරක් වී තිබූ බවත් එම මළ සිරුර විදෙස් ජාතිකයෙකු ද යන්න සැක කරන බවත් පොලිසිය කියයි .

තරබාරු විශාල එම මෘත ශරීරයේ උඩුකය නිරාවරණය වී තිබූ බවත් දුඹුරු පැහැති යට ඇඳුමක් ඇඳ තිබූ බවත් පොලිසිය කියයි .

මෘත ශරීරය පිළිබඳ මූලික පරීක්ෂණ සිදුකළ බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා බෙන්තොට පොලීසියට නියෝග කළේ එම මෘත ශරීරය බලපිටිය රෝහලට රැගෙන යන ලෙසයි .

බෙන්තොට පොලීසිය මෙම මළ සිරුර හඳුනා ගැනීමට සහාය පතා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයේ පොලිසිය ස්ථාන වෙත ද , කළුතර , කොළඹ ගම්පහ දිස්ත්රික්ක වලට අයත් පොලිසිය ස්ථාන රැසකට ද පොලිස් සංඥා පණිවිඩ මගින් දැනුවත් කර ඇතැයි ද කීහ .

– තුසිත කුමාර ද සිල්වා

16,128 views

One Comment to “විදේශිකයෙකුගේ මළ සිරුරක් වෙරලේ…”

  1. Silva says:

    හරියට නොදැන ප්රවුත්ති පල කරන්න එපා, වැරදි මත සමාජගත වෙනවා. මේවා අධීක්ෂනය කරන අය නැතිද.