විදේශික ආයෝජකයෝ ලංකාවෙන් මුදල් ඉවත් කර ගනී.. රුපියල මස්ත බාල්දුවෙයි.. බැදුම්කරය නිසා ලංකාව හිගමනේ..
December 7, 2017 at 4:40 pm | lanka C news
බැඳුම්කර මංකොල්ලය පිලිබඳ ජනාධිපති කොමිසමේ වාර්ථාව බාරදුන් පසු ජනාධිපති වරයා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිලිබඳව ජනතාව දැඩි අවදානයෙන් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා ‘දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදය’ මගින් පවත්වන ලද ප්‍රවෘති සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසීය.
” වර්ථමාන රජය ජනතාවගෙන් බලය ගත්තේ හොරු අල්ලනවා කියායි. ඉවුන් එදා ෆයිල් පෙන්නමින් කතාකලේ පසුගිය රජයේ මෙගා ඩීල් හෙලිකරනවා කියලයි. නමුත් බලයට ආ දා සිට නීතිය දිගට හරහට නමමින් බොහෝ දෙනෙකු අත් අඩංගුවට ගනිමින් මහා මාධ්‍ය සංදර්ශණ කලාට එදා කිවූ එකම මෙගා ඩීල් එකක්වත් අවුරුදු 3 ක් ගිහිල්ලත් කරලියට ඇවිල්ල නැහැ.
කෝ එදා කියපු විදේශ බැංකු ගිනුම්, කෝ එදා කියපු ටෙන්ඩර් වංචා, කෝ එදා කියපු මහා පරිමාන ව්‍යාපෘතිවලින් ගත්තාය කියන අල්ලස් පිලිබඳ චෝදනා ? රටට මෙලෝ වැඩක් නැති විහිලු චෝදනා විතරයි මාධ්‍යවලින් අහන්නේ ලැබෙන්නෙ. වාහන අවභාවිතාවක්, කාටහරි අනුග්‍රාහකත්වය දීමක්, මහජනතාවට යම් යම් භාන්ඩ බෙදා හැරපුවලට අදාල චෝදනාවන් විතරයි අද අහන්න තියෙන්නේ. ඒවා විමර්ශන කරන්න. ඒකට කමක් නැහැ. හැබැයි මහජනතාව බලාපොරොත්තු වුනේ ඕවා නොවේ. ඔවුන් හිතුවේ අල්ලන්න මෙගා ඩීල් තියනවා ඇති කියලයි.
හැබැයි මේ ආන්ඩුවට නම් දැනටමත් ඇති තරම් දූෂණ වංචා චෝදනා තියනවා. ඉන් මූලිකම එක තමයි බලයට ඇවිල්ලා මාස තුනක් යන්නත් කලින් පැටලුන මහ බැංකු බැදුම්කර මංකොල්ලය.එදා කිවූ මෙගා ඩීල් වගේ කට කතා නොවෙයි මේක මහ දවාලේ ඔප්පු වූ හොරකමක්. රටේ විගනකාධිපති පවා පිලිගත්තා වංචාවක් සිදුවුනා කියලා. මුලු රටම දැන් දන්නව ඉන් වූ පාඩුව.
2014 රාජ්‍ය ආදායමට හා සමාන පාඩුවක් මේ හොරකම නිසා රටේ ආර්ථිකයට උනා.රටට වූ රුපියල් ට්‍රිලියනයකට වඩා එහෙමත් නැත්නම් කෝටි ලක්ෂයකට වඩා පාඩුවූ නිසා අද රටේ සමස්ථ ජනතාවම දුක් විඳිනවා.
මනුස්සයෙකුට බැංකුවකින් ණයක් අරගෙන වාහනයක් ගන්න, ගෙයක් දොරක් හදාගන්න ව්‍යාපාරයක් කරගන්න අසීරු වන විදියට රටේ පොලී අනුපාතය ඉහල ගියේ මේ හොරකම නිසයි.
පෞද්ගලික අංශයේ සේවකයෝ දුක් මහන්සි වෙලා හම්බ කරපු මුදල් විශ්‍රාම ගිය දිනක ගන්න තියන අර්ථ සධක අරමුදලට කෝටි ගනන් මේ අය පාඩු කලා. අද රජයට ආර්ථිකය හසුරවා ගන්න බැරුව දිගට හරහට ජනතාවගෙන් බදු අයකරන්න සිද්දවෙන්නත් මේක මූලික හේතුවක්.
විදේශික ආයෝජකයෝ ලංකාව ගැන විශ්වාසය පලුදුවෙලා ලංකාවෙන් මුදල් ඉවත්කරගන්න නිසා රුපියල බාල්දුවෙලා පිට රටින් ගෙන්නන හැම භාන්ඩයකම මිල වැඩි වෙලා.
මේ සිද්ධියට සැකකරුවො මුලු රටම දන්නවා. ජනාධිපති කොමිසමකින්ම මෙයට සම්බන්ධ පිරිස හෙලිදරව් වෙලා තියෙන්නේ.ඒ අතර ඉන්නව රටේ ඉහලම තනතුරු දරන හා දරපු අය.
දැන් ජනාධිපති කොමිසමේ වාර්ථාව එන්න නියමිතයි. මේ මහා හොරකමෙන් පාඩු විඳින මේ රටේ පුරවැසියන්ට අයිතියක් තියෙනවා වහාම ඒ වාර්ථාවෙ තියෙන්නේ මොනවද කියල දැනගන්න. ඒ වාර්ථාවට අනුව ජනාධිපතිතුමා ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද කියල දැනගන්න ජනතාව බලාගෙන ඉන්නවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් වහාම ඒ වාර්ථාව ලැබුන වහාම මාධ්‍යට නිදහස් කරන්න කියලා.
මීට පෙර වෙනත් ජනාධිපතිවරු යටතේ හමස් පෙට්ටියට ගිය ජනාධිපති කොමිසම් වාර්ථාවලට වුන දේ මේ වාර්ථාවට නොකරන්න කියල මේ රටේ ජනතාව වත්මන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා”
– චාමින්ද කරුණාරත්න
Report eka 2020 n passe dennam ethakal inna.
ඒකත් තව සති කිහිපයක් කල් දාල නේද?
මේව එකක්වත් වැඩක් වෙන එකක් නැහැ….
වැරදි කාරයන්ට දඬුවම් නෙමෙයි, වරප්‍රසාද සහිතව වැජඹෙන්න ඉඩ කඩ සලසලා දෙයි..!
ඔයගෙ ලොක්ක රජ කරන කාලෙ කොමිසම් තියල මොනවාද හෙව්වෙ,2017 අයවැය මගින් 3.5% සිට ණය ලබාගන්න පුලුවන්
Palayan ban yanna. Who is giving loans at 3.5%? Umbe ammada?
3.5% ට දෙනව නම් ගන්න පුළුවන්. එහෙම දෙන්න කෙනෙක් තමයි නැත්තෙ.
Alosiyas da ban 3.5% poliyata naya denne. Nathnam ube Ammada ehemath nathnam ammage hora minihada ? Mama nam kiuwe naha.
මෙන්න බලාගන්න සාදාරන ගොබිල
Maha bankuwamaha daval kolla kapu evunta kavuru nathath deva dandanaya shuvar. Thopi panuwo gahalai marenne.
Can we send our parliament members to Australia. There is a good news for them.
“Marriage equality law passes Australia’s parliament today.”