විදේශියන් පිරිසක් ගමන් ගත් රථයක් අනතුරක..

January 30, 2020 at 2:03 am | lanka C news
විදේශියන් පිරිසක් ගමන් ගත් රථයක් අනතුරක..

ශ්‍රි පාද සංචාරයකට පැමිණ විදේශිකයන් පිරිසක් රැගෙන ආපසු මිගමුව දක්වා ධාවනය කරමින් සිටි වැන් රථයක ත්‍රිරෝද රථයක් ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වත්ත ප්‍රදේශයේදිය.

නල්ලතන්නියේ සිට මිගමුව දක්වා විදේශිය සංචාරකයින් තිදෙනෙකු රැගෙන ධාවනය වු වැන් රථයක් පිටුපසින් දික්ඔය සාංචිමලේ ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් වැන් රථයේ පිටුපස ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේ.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ වේගය ත්‍රිරෝද රථ රියදුරාට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ධාවනය වු වැන් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් මොටර් රථයට සුළු අලාභ හානි සහ ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්,අනතුරෙන් විදේශිකයන්ට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ නිලධාරින් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ 

6,311 Viewers
Main News