විදේශීය වෙබ් අඩවි පොහොසත් කර අපේ රට බංකොලොත් කරන online මාෆියාව…

June 27, 2021 at 12:40 pm | lanka C news
විදේශීය වෙබ් අඩවි පොහොසත් කර අපේ රට බංකොලොත් කරන online  මාෆියාව…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය.

විදේශීය වෙබ් අඩවි පොහොසත් කර අපේ රට බංකොලොත් කරන online මාෆියාව.

ඩොරලය ස්ථාවරව තබා ගැනීම සදහා සමහර ආනයනික භාණ්ඩ ආනයනය තහනම් කලද අන්තර්ජාලය හරහා එම භාණ්ඩ හා වෙනත් භාණ්ඩ රට තුළට ගෙන්වීම නිසා විශාල විදේශ විනියමයක් අහිමිවුවද එම ආනයන නවතා දැමීම සදහා රජය කටයුතු නොකිරීමෙන් දුෂ්කරතාවයන්ට මුහණුදීමට සිදුවී ඇත්තේ මෙරට පාරිභෝගිකයින්ටය. එම හේතුව නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වන අතර භාණ්ඩ මිල ඉහළයාමද සිදුවේ.

2020/05/22 දින මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් අංක 2176/19 මගින් මෙරටට අත්‍යවශ්‍ය නොවන බවට හදුනාගන්නා ලද භාණ්ඩ ලැයිස්තුවක් මෙරටට තාවකාලිකව ආනයනය කිරීම තහනම් කරන ලදී. එහෙත් එම ගැසට්පත්‍රය මගින් තහනම් කර තිබෙන භාණ්ඩ අන්තර්ජාලයෙන් වෙබ් අඩවි හරහා මෙරටට ආනයනය කිරීමට හැක. ඒ සදහා කිසිදු තහනමක් හෝ රජයට කිසිදු බදු මුදලක් ගෙවීමට අවශ්‍ය නැත. එම හේතුව නිසා මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් අංක 2176/19 මගින් සාක්ෂාත් කරගැනීමට උත්සහකල අරමුණ ඉටුනොවනවා පමණක් එමගින් පාරිභෝගිකයාගේ ජීවිත අනතුරේ හෙළිමක්ද සිදුවනු ලබයි.

මෙම තහනමට පෙර මෙරට ව්‍යාපාරිකයින්ට අදාල භාණ්ඩ මෙරටට ආනයනය කිරීමට අවසර ඇත්තේ ශ්‍රී ලංකා රේගුව වෙත අදාල බදු මුදල් ගෙවීමෙන් පසුවය. මෙරටට ආනයනය කිරීමට අවසර නොමැති භාණ්ඩ මෙසේ අන්තර් ජාලය හරහා ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වන අතර එම බදු අහිමිවීමේ පාපයට කරගැසීමට සිදුවන්නේ මෙරට පාරිභෝගිකකයින්ටම වීම කණගාටුදායකය.නිසි නිසි ක්‍රමෙව්දය අනුගමනය කරමින් මෙරටට එම භාණ්ඩ ආනයනය කිරීම මගින් මෙරටට විශාල බදු ආදායමක් ලැබෙනවා පමණක් ඒම භාණ්ඩ සදහා අගයක් එකතු කර (Value Added)සාධාරණ මිලට දේශිය වෙළදපොළ තුළින් භාණ්ඩ ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකියාවක්ද ලැබේ. තවද සමහර භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරය ලබා ගැනීම අනිවාර්යය කර ඇත. විශේෂයෙන්ම ළදරු කිරි බෝතල් සදහා එසේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වුවද ඔන් ලයින් ක්‍රමයට වෙබ් අඩවි හරහා ළදරු කිරි බෝතල ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරය ලබා ගැනීම සිදුනොකිරීමෙන් ළදරුවන්ගේ ජීවිත අනතුරේ දැමීමක් සිදුකරනු ලබයි. තවද අන්තර් ජාලය මගින් සමහර ආහාර වර්ග ආනයනය කිරීමට ඉඩදීමෙන් සිදුවන්නේ ප්‍රමිතියක් නොමැති ආහාර ද්‍රව්‍ය මෙරට තුළට ආනයනය කිරීම වන අතර එම ආහාර පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයාගේ ජීවිත අනතුරේ හෙළිමක් සිදුවනු ලබයි. අනෙක් අතට ආගම හා සම්බන්ධ වූ භාණ්ඩ මෙසේ ආනයනය කිරීමට ඉඩ ලබා දීමෙන් ආගම් අතර ගැටීමක් ඇතිවීමටද ඉඩ ඇත.

විදේශිය රටවල වෙබ් අඩවි පොහොසත් කරමින් අප රට බංකොලොත් කරන මෙම ක්‍රමවේදය වහාම නවතා දමන ලෙස හෝ තාවකාලිකව ආනයනය කිරීම තහනම් කොට ඇති භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී අදාල බදු මුදල් ගෙවීමට නිසි ක්‍රමවේදයක් සකසන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

50,532 views

15 Comments to “විදේශීය වෙබ් අඩවි පොහොසත් කර අපේ රට බංකොලොත් කරන online මාෆියාව…”

  1. NuwanJ says:

    කාලිින අදහසක් මෙිව අපේ වෙලද ඇමතියන්ට
    පෙන්නේ නැ..

    • බන්ඩා says:

      ඔය ගැන පැමිනිලි කරලා ඇමටි සෙට් දෙකටම email ලිපි ලියල බලන්න කී දෙනෙක් උත්තර දෙනවා නෙවෙය් ඒ ලිපි ඕපන් කරනවද බලන්න. උන් email කියවන්නෙ නැහැ.

    • බන්ඩා says:

      ඔය ගැන පැමිනිලි කරලා ඇමටි සෙට් දෙකටම email ලිපි ලියල බලන්න කී දෙනෙක් උත්තර දෙනවා නෙවෙය් කී දෙනෙක් ඒ ලිපි ඕපන් කරනවද බලන්න. උන් email කියවන්නෙ නැති හරක්. ඉතින් රටට හරි යය්ද?

  2. Online gura says:

    මේ රං ටිකිරා දන්නෙ නැද්ද ඊබේ කරන කොල්ලො කෙල්ලො කොච්චර විදේශ විනිමය ප්‍රමාණයක් ගේනවද කියල මාසෙකට

    • ටික්කි says:

      අනේ ගොනෝ, අපනයනය නෙවෙයි ප්‍රශ්නෙ. වැරදි විදියට ආනයනය තමා ප්‍රශ්නෙ. ඉස්සල්ලම හරියට නිව්ස් එක බලපං. අනික උඹ imports and export ගැන මෙලෝ දෙයක් නොදැන, අතනින් මෙතනින් අහුලගත්තු කෑලි ඔලුවෙ තියන් කතාකරන්නෙ කියලා හොඳට තේරෙනවා.

  3. Kban says:

    Paribogika ayithi surakinna katha karana sangame, gennaganna thiyana online chance eka nawattanna kiyanawa. Mona buruwekda manda..

  4. Weera says:

    මොන මී හරකෙක්ද මූ . නොදන්නා මගුල් කියවනවා.Online භාණ්ඩ විකුණන ජාත්‍යන්තර වෙබ් සයිට් ලංකාවේ හොර ගුහාවල් වගේ නෙවේ .සියලුම භාණ්ඩවල ව්ස්තර සහතික කරන්න ඕනි.ඇත්ත විස්තර දෙන්න ඕනි . එහෙම නැතුව විකුනන්න දෙන්නේ නෑකියවලා ඕන කෙනෙකුට කැමති නම් ගන්න පුළුවන් .ගන්න කැමති ඕනෑම දේක විස්තර බලන්නත් පුළුවන් ගන්න කලින් .රේගුව හරහා කන්ටේනර් වලින් මෙච්චර කල් ගෙන්නපුවා ප්‍රමිති සහතික තිබ්බද ? ඔය කඩවල්වල ගොඩගහල තියීනේ .කුඩුත් ගේන්නේ කන්ටේනර් පිටින් .ඒවා නවත්තපල්ලකෝ .

    • jalabuja says:

      gono lankawata import karana badu walata 100% walatath wada duty thiyanawa ewain rata bduwanne. me website walin karanne e salli tika unge sakkuwata da genimai

    • ranjith says:

      වෙනත් දියුණු රටවලත් මේව තියෙනවා. ඒවාට බදු අයකරනවා එහෙම නැතිනම් දේශීය ව්‍යාපාරිකයින්ටත් එම බදු ප්‍රතිශතයම ගෙවීමට නියම කරනවා. රටක් බදු ආදායම අහිමිවීම නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල යනවා ඒකයි අපිට තියෙන ගැටලුව ඔබ මේ පිළීබදව අවධානය යොමු කරාට ස්තුතියි. ඔබේ භාෂාව පිළීබදව කණගාටුයි. එය ඔබේ සමාජයෝජන ක්‍රියාවලිය පිළිබද ප්‍රශ්ණයක් මිස ඔබේ ගැටලුවක් නොවෙයි.

  5. ඔබ වැරදියි says:

    ගුවන් මගින් හෝ වරාය භාවිතා කරමින් කරන සෑම ආනයනය කටයුත්තකදිම රේගු පරික්ෂාව අනිවාර්ය වේ. ඒ නිසා ඔබ වැරදියි

    • jimpappa says:

      oba weradi ese nowei

    • ranjith says:

      එසේ කිසිම පරික්ෂාවක් නැතිව හා බදු නොගෙවා මෙරටට ගෙන එනවා ඒක තමයි ගැටලුව. ප්‍රමිති ආයතනයේ සහතිකත් සමහර භාණ්ඩ සදහා අවශ්‍යයි. අපි ඉල්ලා සිටින්නේ එවන් පරික්ෂාවක් කරන ලෙසයි.

  6. ඔබ වැරදියි says:

    ඔන් ලයින් ක්‍රමය භාවිතා කළත් . ඒවා ලංකාවට එවීමෙදී කූරීය ආයතන ගුවන් තොටුපල රේගුව , පාර්සල් තැපැල් රේගු නිලධාරීන් ගේ අධීක්ෂණයට යටත්ව භාණ්ඩ නිදහස් කරනු ලබයි.සානුකමිපිත හේතු හැරුණු විට අනෙකුත් සෑම විටම බදු ගෙවීම සිදු කළ යුතු අතර අනෙක් මූලික කොන්දේසි සියල්ලම පාහේ සැපීරිය යූතුය

    • Ranjith says:

      ඒක තමයි ප්‍රශ්නය එසේ පරීක්ෂාවට ලක් නොකොට භාණ්ඩ පාරිභෝගික අතට පත් වෙනවා

  7. Ane itin says:

    Yako eta wada kochchara asadaranakan wenawada lankawe paribogikayanta, e aitheen surakinna na munta kakkumak, kauru hari me baduwak online genna gathtoth tamai okkoma prasna.
    anika oya wage dewal okkoma wahagena idala ratawal diunu karanna baha, kisima deyak lankawe hadanna, lankawen export karanna unandu karana ekek naha.
    me wage gon part danna tahamai inne.

    dan etakkota lankawe inna bagayak witara minissu e-bay badu genawada. heta aniddata husma gannawatath tax ekak gahanna kiyai.

Main News