විදේශ අමාත්‍යංශයට ගම්මන්පිලගේ විරෝධය..

December 8, 2019 at 8:40 am | lanka C news
විදේශ අමාත්‍යංශයට ගම්මන්පිලගේ විරෝධය..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.

එක්සත් රාජධානියේ බලයේ සිටින වගේම දිගුම කලක් එරට පාලනය කළ කොන්සර්වැටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ ලංකාවේ වෙනම රාජ්‍යයක් සෑදිය යුතු බවට සඳහන් වන බව අපි හෙලිදරව් කලා. ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශය කිව්වේ මහ කොමසාරිස්වරිය ලිපියක් ලියා මේ ගැන විමසූ බවත් ඊට කොන්සර්වැටිව් පක්ෂය ප්‍රතිචාර දක්වමින් තමන් එවැන්නක් අදහස් නොකළ බව විද්‍යුත් ලිපියක් මගින් දැන්වූ බවත් පවසනවා.

ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් සෑදිය යුතු බවට කොන්සර්වැටිව් පක්ෂය පැවසුවේ වැරදීමකින් නොවේ. තක්කඩි කමට. එක්සත් රාජධානියේ ජීවත් වන දෙමළ ඡන්ද කුට්ටිය ගැන බලාපොරොත්තුවෙන්. නැතිනම් ලංකාව ගැන විශේෂයෙන් සඳහන් කලේ ඇයි? වෙනත් රටක වුණා නම් ඉංග්‍රිසි අපේ මව්බස නොවන නිසා අපට වැරදුනා කියන්න පුළුවන්. එංගලන්තයට එහෙම කියන්න පුළුවන් ද? ඉංග්‍රිසි බස උපන්නේ එංගලන්තයේ. ඊටත් වඩා ඉංග්‍රිසි උරුමය රකින පක්ෂය තමයි කොන්සර්වැටිව් පක්ෂය කියන්නේ? ඒ නිසා කාට වැරදුනත් එන්ගලන්තයේ කොන්සර්වැටිව් පක්ෂයට එය වැරදිලා සිදුවුණා වෙන්න බැහැ.

එහෙම පසුබිමක රහසිගතව ලිපි හුවමාරුවක් කරලා නිහඬව ඉන්න විදේශ අමාත්‍යාංශයට පුළුවන් ද? ලංකාව තුල වෙනම රාජ්‍යයක් පිහිටුවන්න ඕනෑ කියලා කොන්සර්වැටිව් පක්ෂය කියන්නේ ප්‍රසිද්ධ ලේඛණයක. නමුත් අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ කියන්නේ පෞද්ගලික ලිපියක. තමන්ට ලැබුණු පෙම් හසුනක් සේ බොහොම රහසිගතව එය සඟවාගෙන හිටියම හරියනවද ? එහෙම නම් එක්සත් රාජධානියේ ඡන්දදායකයින් දෙසැම්බර් 12 ඡන්දය ප්‍රකාශ කරන්න කලින් කොන්සර්වැටිව් පක්ෂය ලෝකයට කියන්නට ඕනෑ මේ ප්‍රකාශය වැරදියි අපි එහෙම දෙයක් අදහස් කළේ නැහැ කියලා. ඒ අය ඒක කරන්නේ නැතිනම් විදේශ අමාත්‍යාංශය විසින් මේ ලිපි හුවමාරුව ප්‍රසිද්ධ කරන්න ඕනෑ. එහෙම නොකර කොන්සර්වැටිව් පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කලොත් ඒක දෙමළ ඊළමට සහය පල කිරීමට ලබා දුන් ජනවරමක් ලෙස දෙමළ බෙදුම්වාදින් විසින් ඒ ජයග්‍රහණය විග්‍රහ කරනවා. එතකොට මේ ලිපි ප්‍රසිද්ධ කිරීමට පමා වැඩියි. ඒ නිසා අපි මේ හෙලිදරව්ව කරන තුරු මේ ලිපි සඟවා තබා ගැනීම මාරාන්තික වරදක්.

අද බලයේ සිටින්නේ කොටි පිනවන රනිල්ගේ ආණ්ඩුව නොව කොටි වනසන ගෝඨාභය – මහින්ද ආණ්ඩුව බව එක්සත් රාජධානියේ සිටින මහ කොමසාරිස්වරියටත් විදේශ කටයුතු ලේකම්වරයාටත් අපි මතක් කරනවා.

ඒ වගේම අයිලන්ඩ් පුවත්පත තවත් වැදගත් හෙලිදරව්වක් කරනවා. එක්සත් රාජධානියේ Conflict Security and Stability Fund කියන අරමුදලෙන් පවුම් මිලියන 10ක් 2018 සිට වසර තුනක් සඳහා ලංකාවේ ව්‍යාපෘතියකට වෙන් කර තිබෙනවා. ඒ බව මේ අරමුදලේ 2018 වසර සඳහා වන වාර්ෂික වාර්තාවේ සඳහන් වෙනවා. මේ අරමුදෙලේ අරමුණ තමයි එක්සත් රාජධානියේ ආරක්ෂාව සහ ස්ථාවරභාවයට තර්ජනයක් වන තමන්ගේ උවමනාවන් වලට බලපෑමක් සිදුවිය හැකි කාරණා සම්බන්ධයෙන් ලෝකයේ අන් රටවල මුදල් වියදම් කිරීම. තමන්ගේ රටේ වාසිය වෙනුවෙන් වෙනත් රටවල ව්‍යාපෘති සිදු කිරීම. මේ මුදල් වෙන් කලේ මොනවාටද කියන එක විදේශ අමාත්‍යාංශය දන්නේ නෑ. ඒ නිසා මේ අරමුදල් යෙදවූයේ ජනාධිපතිවරණයේ දී තමන්ගේ රූකඩ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කියන සාධාරණ සැකය අපට තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව සොයා බැලීමක් අපේ විදේශ අමාත්‍යාංශය විසින් සිදුකළ යුතුයි. ඒ වගේම මේ මුදල් ශ්‍රී ලංකාවට ආයෝජනය කළේ කුමන යටි අරමුණෙන්ද කියන එක එක්සත් රාජධානිය මේ රට වැනසීමේ අරමුණක නොමැතිනම් වහාම පැහැදිලි කළ යුතුයි කියන එක අපි ප්‍රකාශ කරනවා. ඒ නිසා ලංකාවේ සිටින මහ කොමසාරිස්තුමා හෝ එක්සත් රාජධානියේ විදේශ අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුයි.

– අරවින්ද අතුකෝරල

21,988 Viewers

10 Comments to “විදේශ අමාත්‍යංශයට ගම්මන්පිලගේ විරෝධය..”

  1. Suren says:

    Mr.Gammanpila,
    There is no meaning of showing media shows, You are in the government, discuss internally and resolve issues, We are in the world and Please don’t be frog in the well and dont try to go for FALSE POPULARITY,
    If you can contest from your party – get a parliament seat, So then we will respect you.

    • Prashan Premaratne says:

      Suren, do you think that talking about this point is a ‘media circus’? You are bloody wrong. If the SL government does not condemn the statement from the UK Conservative party, our parliamentarians should at least voice our genuine concern about it. What is this thing about contesting for the election from their party?

      • Suren says:

        Prashan,

        Agreed with you, but what is the meaning of having media show here. Mr.Gammanpila can discuss internally and resolve issue.
        But having such media shows only for his popularity nothing for the country

  2. kamal says:

    සැරියුත් හිමියනෙ ඔබ අපිට පිහිට වුනා
    ඔබ වහන්සෙ දෙසු මහා හත්ථිපම සුත්‍රයෙ අැත් පිය සටහන් ගැන කියා කුසලයට වඩා චතුරාර්යය සතයය කියන කුසලය ශෙෂ්ඨ බව පැවසුවා. ඒයින් අෙලාභය කෙරෙහිද තණ්හාවක් තියෙන බව තෙරුම් ගත්තා ඒය ෙකාතරම් අමාරුද කිව්වොත් අස්ෙලාමය කිප පලකට පලා ඒයින් අස්ෙලාමයකට විදිනවා වගෙ අමාරුයි. මිනිසුනෙ උඹලගෙ දහම් දැනුම වැඩිකරගනිල්ලා සුත්‍ර ඉගෙනගනිල්ලා ෙයානිෙසාමනසිකාරයෙ යෙදෙන්න ඒච්චරයි මට කියන්න තිෙයන්නෙ.අපෙ සතුරා වන යුදෙව් රට හා ක්‍රිඩා හිස් මුදනින් පිලිගත් මමත්වය ඔලුවට ගත් බටහිරයන්ට විරුද්ධව අපි සියලු ථෙරවාදි මහායාන මිත්‍ර රටවල් පෙලගැස්සිය යුතුයි. උඹට බුදු සරණයි මට බුදු සරණයි දෙවියන්ට බුදු සරණයි

  3. Nuwan says:

    We have to remember that there are some NGO supporting and former NGO workers have become foreign officials.
    Mangala Samaraweera got his favorites and there are some Hard core officers with separatists agenda working in various countries representing Sri Lanka.
    When Mahinda was the president these people were ridiculing him in their circles and did everything they can to topple his government. It’s important to identify such people before sending them to represent Sri Lanka

    • Prashan Premaratne says:

      Very true. Hope those 30 diplomats evicted were those representing views of Mangala Samaraweera. Hope we find more and get rid of them.

  4. අමිල says:

    ඇත්තටම විදේශ කටයුතු අමාත්‍යංශය හසුරුවන්නේ දිනේෂ් ගුණවර්ධන මහතාට ඕන විදිහට නෙවෙයි. ඔය රවිනාත් ආරියවංශ කියන යූඑන්පී රජයේ හිටපු නිලධාරියාට අවශ්‍ය විදිහටයි. උදය මේ ගැන හඬ නැගීම ඉතාම හොඳ දෙයක්. රජයේ වහාම යහපාලන නඩයේ නිලධාරීන් මෙවැනි තනතුරුවලින් ඉවත් කළ යුතුයි

  5. එක්නැලිගොඩ says:

    කොන්සර්වැටිව් පක්ෂයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ක විදේශ කටයුතු අමාත්‍යංශය රහසිගතව ලිපි ගනුදෙනු කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. මේ රජය පත්කළෙ ජනතාවයි. ජනතාවට මේ සම්බන්ධයෙන් දැන ගන්න අයිතියක් තියෙනවා.

  6. වසන්ත says:

    විදේශ කටයුතු අමාත්‍යංශයට මෙහෙම කොලේ වහල ගහන්න දෙන්න බැහැ. ඔවුන්ට පඩි ගෙවන්නේ මේ රටේ ජනතාව. ජනතාවට හොරෙන් එක එක දේශපාලන පක්ෂවලට ලියුම් ලියමි කටයුතු කරන්න විදේශ කටයුතු අමාත්‍යංශයට බැහැ. ගම්මන්පිල මන්ත්‍රීතුමාගේ මේ සටන ඉතා වැදගත්. මේ රවිනාථ කියන යහපාලන ආණ්ඩුවේ නිලධාරියා වහාම ඉවත් කළ යුතුය.

Main News