විදේශ ආයෝජන 300%කින් වැඩි වෙලා.. මැදි ආදායම් රටක් කියා කියන්න මට ලැජ්ජයි..
September 1, 2017 at 3:00 pm | lanka C news
2014 වසරට වඩා මේ වසරේදී මෙරට විදේශ ආයෝජන 300%කින් ඉහල ගොස් ඇතැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ලංකාව අඩු ආදායම් රටක් මැද ආදායම් රටක් යයි හැමදාම කියන්නට තමනට නම් ලැජ්ජා බවද කොළඹදී පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා කියා සිටියේය.
2020 වසර වන විට ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන බවද අගමැතිවරයා එහිදී සදහන් කලේය.